Ads 468x60px

.

ෆිනෑන්ස් ඇපයකට අත්සන් තැබූ තරුණයා උසාවි යන්න බයේ දිවි නසාගනී


ගෙවීමේ පදනම මත යතුරුපැදියක්‌ මිලට ගත් අයකු එම වාරික මුදල් ගෙවීම පැහැර හැරීම හේතුවෙන් ඊට ඇපයට අත්සන් තැබූ තරුණයාව උසාවි කැඳවීමක්‌ ලැබීම නිසා බියට පත්වූ එම තරුණයා නිවසේ බාල්ක
යේ එල්ලී සියදිවි නසාගෙන තිබෙන බව අප වෙත වාර්තා වෙනවා.

මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ මෙසේ දිවි හානි කර ගෙන ඇත්තේ කඩවත සූරියපාලුවේ අංක 41/1 ඒ නිවසේ පදිංචිව සිටි අර්නෝඩා ජගත් කුමාර නමැති 33 හැවිරිදි අවිවාහක තරුණයෙක් බවයි.

ඔහුගේ මරණය පිළිබඳ රාගම රෝහලේ පැවති මරණ පරීක්‍ෂණය හදිසි මරණ පරීක්‍ෂක ටී. ඇස්‌. කරුණාතිලක මහතා සහ අධිකරණ වෛද්‍ය නිලධාරි විසින් පැවැත්වූ අතර ගෙල වැලලා ගැනීමෙන් දිවි හානිකර ගැනීමක්‌ බව තීරණය කළේය.

සාක්‍ෂි මෙහෙයවීම කඩවත පොලිසියේ සුළු පැමිණිලි අංශයේ පො.සැ. (59249) ගුණරත්න මහතා සිදු කරන ලදී.
 
Related Posts with Thumbnails