Ads 468x60px

.

අතුරුගිරිය ගුවන් අනතුරෙන් දිවි ගලවාගත් සෙබළාත් මියයයි


පසුගියදා ලාංකිකයන් රැසකගේ දෙනෙතට කඳුලක් එක් කරමින් අතුරු ගිරිය හෝකන්දර ප්‍රදේශයේදී සිදුවූ ගුවන් අනතුරෙන් එහි ගමන්ගත් ගුවන් හමුදාවේ සෙබළුන් 4ක් මියගිය අතර බරපතල තත්වයෙන් සිටි එක් සෙබළෙක් රෝහල් ගතකරනු ලැබු පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා.

මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ එහිදී ඔහුගේ ජීවිතය ගලවා ගැනීම උදෙසා වෛද්‍යවරුන් විසින් ඔහුගේ දෙපා හා එක් අතක් ඉවත් කිරීමට කටයුතු කරනු ලැබු බවයි.

එලෙසින් බරපතල තත්වයෙන් රෝහල් ගත කර සිටි සෙබළාගේ පියා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කොට සිටියේ පවුලේ එකම දරුවා

වූ තම පුතාගේ ජීවිතය බේරාදුන් අතුරුගිරිය ප්‍රදේශයේ පිරිසට අනේක වාරයක් ස්තූවන්ත වන අතරම පුතාව බේරාගනිමින් ඔවුන් කල ක්‍රියාව අගය කිරීම උදෙසා ඔවුන් හමුවිමටද යන බවයි.

කෙසේ නමුත් ඒ සියලු බලාපොරොත්තු සුන් කරමින් එදා ගුවන් අනතුරෙන් දිවිගලවාගත් නාමල් චතුරංග නම් සෙබළා මේ වන විට මියගොස් ඇතිබවට වාර්තා වනවා. කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි මෙම සෙබළාගේ දැඩි පිළිස්සුම් තුවාල නිසා මේ අයුරින් මියයන්නට ඇති බවයි වෛද්‍යවරුන් පවසන්නේ.
 
Related Posts with Thumbnails