Ads 468x60px

.

අනේ..මමයි, බබයි, මල්ලිලා දෙන්නයි හිරවෙලා ඉන්නේ. අනේ කොහොමහරි අපිව බේරාගන්න’ - දරුවා තුරුළු කරගත් මළ සිරර ගොඩගනී


මේ දිනවල අයහපත් කාලගුණ තත්වය නිසා සිදුවන පාරිසරික විපත් බොහෝ දෙනෙකුගේ ජීවිත වලට හිරිහැරයකි. ඒ ඇතුළත සිදුවන ඇතැම් අනුවේදනීය කතා පුවත්ද තිබේ.

බදුල්ල, රිල්පොල, අක්කර 53 ප්‍රදේශයේ සිදුවූ නායයාමෙන් යටවූ මහල් නිවසක් තුළ බදුල්ල රෝහලේ හෙදියක් සහ මාස 2ක් වයසැති දරුවෙක් අවාසනාවන්ත ලෙස මියයාම කාගේත් සිතට වේදනාවක් ගෙන දුන්නේ

ඇය නායයාමේ මුල්කොටසේදී අසරණවී පිහිටක් සොයා ජංගම දුරකථන යෙන් සිය රෝහල් කාර්ය මණ්ඩල හිතවතුන්ට ලබාදුන් ඇමතුමක් නිසාය.

දුරකථනයෙන් හිතවතුන් කිහිපදෙනෙකු ඇමතූ ඇය අනේ.. මමයි, බබයි, මල්ලිලා දෙන්නයි හිරවෙලා ඉන්නේ. අනේ කොහොමහරි අපිව බේරාගන්න’.. යනුවෙන් ඇය කෑ ගසා තිබුණා.


හෙදිය තමන් බේරාගන්නා ලෙස හිතවතුන්ට දුරකතනයෙන් අමතා දිගින් දිගටම දැනුම් දුන් නමුත් බේරාගැනීම සඳහා කිසිවෙකුට යාමට අපහසුවූ තැනක්වූ බැවින්ද නැවත නැවත නායයාමේ අවදානමක් පැවති බැවින්ද එම ස්ථානයට යාමට කිසිවෙකු සමත් වූයේ නැත.


ටික වේලාවකට පසු එම ස්ථානය නැවත දෙවතාවක්ම නායගිය අතර ඇගෙන් නැවත ඇමතුමක් ලැබී තිබුනේද නැත. බේරාගැනීමේ කාර්යයෙහි නිරතවූ හමුදා නිලධාරීන් එම ස්ථානයට යාමට මහත් පරිශ්‍රමයක් දැරූ නමුත් එය පසුව අත්හැරදමන්නට සිදුවිය.


නායයාම සිදුවූ දිනට පසුදින එම ස්ථානයේ සිදු කළ සොයාබැලීම් වලදී පස් යට සිරවී සිටියදී බේරාගන්නැයි ඇමතුම් දුන් හෙදිය, ඇගේ මාස 2ක් වයසැති දරුවාගේ සහ ඇගේ සොයුරාගේ මළසිරුරු හමුව තිබුණා. මළ සිරුරු ගොඩගන්නා අවස්ථාවේදී කුඩා දරුවාගේ මළ සිරුර මවගේ තුරුලේ තිබුණ අයුරු දුටුවන්ට ඇති කළේ සංවේගයකි.

ඇය බදුල්ල රෝහලේ සිය පළමු පත්වීම ලබා ටික දිනකින් ප්‍රසූත නිවාඩු ලබා තම මවගේ නිවසේ දරුවා සහ සොයුරන් දෙදෙනා සමඟ සිටියදී මෙම නායයාමට හසුව ඇත. 


ඇගේ සැමියා ජීවතුන් අතරය. ඇය අනතුරට පත් අවස්ථාවේ තමන් සේවය කළ රෝහලේ හෙද සොයුරියන්ට, හෙද පාලකට සහ සැමියාට දුරකතනයෙන් අමතා තිබුණා.

ඇයගේ මළ සිරුර හමුවූ තැනින් තවත් මළ සිරුරු 5ක් ගොඩගත් අතර තවත් 15කගේ පමණ මළසිරුරු ඇතැයි සැකයට තවමත් සොදිසි සිදු කෙරෙනවා.
 
Related Posts with Thumbnails