මේධානන්ද හිමියෝ සිවුරු හරිවිද?


භික්ෂූන් වහන්සේලාගෙන් එල්ලවන දෝෂාරෝපණ හමුවේ තමන් වහන්සේ සිවුරුහැර සාසනයෙන් ඉවත්වීමට තරම් සිත්ව ඇතැයි එල්ලාවල මේධානන්ද හිමියන් උන්වහන්සේට සමීපතම භික්ෂූන් වහන්සේලා සමග පවසා ඇතැයි වාර්තා වේ.

පසුගිය දිනවල මේධානන්ද හිමියන් විසින් මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් විහාරස්ථාන වෙත සහ භික්ෂූන් වහන්සේලා වෙත ප්‍රචාරක
ලියවිලි යොමු කර ඇති අතර ඒවා ලද භික්ෂූන් වහන්සේලා මේ මොහොතේ මහින්ද රාජපක්ෂ වෙනුවෙන් ප්‍රචාරක කටයුතු භාරගැනීම ගැන මේධානන්ද හිමියන්ට දුරකථන මගින් සහ ලිපි මගින් බරපතළ දෝෂාරෝපණ එල්ල කර තිබේ.

මේ තත්වය හමුවේ එල්ලාවල මේධානන්ද හිමයෝ බරපතල සිත් තැවුලකට පත්ව සිටින බවත් විශේෂයෙන්ම උන්වහන්සේ සමග සමීපව කටයුතු කළ බොහෝ දෙනෙක්ද මේ පිළිබඳ දෝෂාරෝපණ එල්ලකිරීම උන්වහන්සේගේ බලවත් කලකිරීමට හේතු වී ඇතැයිද වාර්තා වේ.

මේධානන්ද හිමියෝ පන්සල් වෙත යැවූ ලිපිය පහතින් පළ වේ...