Ads 468x60px

.

මේ රටේ සාධාරණ යුක්තියක් නෑ. නීතිය අවනිතීය වෙලා. ඒකයි අද මෙතනට ආවේ - දීපානිගේ කතාව.


අද රජයක් නෑ. 
ආණ්ඩුවක් 
කියලා එකක් 
තියෙන්නේ

සමාජයට යම් අසාධාරණයක් සිදු වන විට, බියක් සැකක් නැතිව ඊට එරෙහිව පෙනී සිටින බව ප‍්‍රවීණ රංගන ශිල්පිනී  දීපානි සිල්වා මහත්මිය පොදු අපේක්‍ෂක මෙහෙයුම් කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින් පැවසුවා.

‘කාන්තා අභිමන්‘ නමින් එම පුවත්පත් සාකච්ඡාව නම් කර තිබුණා.

‘‘සමාජයක් බිහිකිරීමේ වැඩි කාර්යභාරයක් සිදූ කරන්නේ කාන්තාවන්. දරුවෙන් බිහිකරනවා කියන්නේ සමාජයක් බිහි කරන එක.   එසේ නම් සමජයෙ යම් කිසි අසාධාරණයක් සිදුවන විට පෙරමුණ ගත යුත්තේ අම්මා. අද  යමක් කතා කරන්නෙ හරි බයෙන්. 


මීට විරුද්ධව හඬ නැගීමටත් අපි ලොකු බයකින් හිටියේ. මහ හිතා ගත්තා අපි තවත් බයෙන් සිටිය යුතුද කියා. අපි නිහඩව සිටියොත්
කවදාවත් අපිට නිදහසක් ලබා ගන්න බෑ. ආර්ථික අපහසුතාවක් තිබෙනවා නම් මුලින්ම දැනෙන්නේ කාන්තාවන්ට. කුස්සියෙ ඉන්නේ අම්මා. උයන්නේ අම්මා.

අපි බය වෙන තවත් දෙයක් තමයි මත්ද්‍රව්‍ය. දැන් පිළිලයක් වෙලා. ගෙදර ඉන්න අම්මලා, අක්කලා ඔක්කොම ඉන්නේ බියෙන්. තමන්ගේ සැමියා, දරුවා ඊට බිලි වෙයිද කියා නිතරම බියෙන් සැකෙන් ඉන්නේ.

කෝටි ගණන් එතනෝල්, මත්ද්‍රව්‍ය අහුවුණා. ඒ අල්ලපු ඒවාට මොකද වුණේ. ඇල්ලුවා කියා පෙන්නුවා. ඉන් පසු මොකද වුණේ කියා නෑ. ඒවා කරපු අය නිදැල්ලේ ඉන්නවා. මේ රටේ සාධාරණ යුක්තියක් නෑ. නීතිය අවනිතීය වෙලා. ලංකාවේ පලමු අගවිනිසුරුවරියට යුක්තියක් ඉටු වුණේ නෑ. පාරේ වැඩ කරන කාන්තාවන් ගැන කවුරුත් කතා කරන්නේ නෑ.

අද රජයක් නෑ. ආණ්ඩුවක් තියෙන්නේ. රජයේ දේපොළ නෑ. සේරම ආණ්ඩුවේ දේපොළ තියෙන්නේ. අපිට අදහස් ප්‍රකාශ කරන්න තැනක් නෑ. ඒකයි අද මෙතනට ආවේ.‘
 
Related Posts with Thumbnails