Ads 468x60px

.

මම ඕන දෙයක් කෙළින් කියන නිසා සමහරුන්ට අල්ලන්නේ නැති වෙන්න පුළුවන් - මහේෂි කියයි


මහේෂි මේ දවස්වල කාර්යබහුලයි වගේ?
 
මේ දවස්වල Facebook, අඳුරු සිත්තම් සහ රිදී පහන් කියන ටෙලි නාට්‍යවල රූගත කිරීම් එක්ක මම ටිකක් කාර්යබහුලයි.

මහේෂි ක්‍ෂේත්‍රයට එකතුවෙලා දැන් කොච්චර කල් වෙනවද?

 
අවුරුදු හතරක් විතර වෙනවා.

සමහරු නම් නිතර නිතර පේන්න ඉන්නේ ක්‍ෂේත්‍රයට ආපු කාලේ විතරයි. වසර හතරක් ගෙවිලා ගියත් මහේෂි තාම විවිධ නාළිකාවල නිතර පේන්න ඉන්න රහස මොකක්ද?

මම හිතන්නේ පළමුවැනි දේ නිහතමානීකම. වාසනාව සහ දක්‍ෂතාවත් ඒකට බලපානවා. සමහරු ඇඟ පෙන්නුවම ඉස්සරහට යන්න පුළුවන් කියලා තමයි හිතාගෙන ඉන්නේ. ඒත් මම කිසිම ටෙලි නාට්‍යයක ඇඟ

නිරාවරණය වෙන්න අඳින්නේ නැහැ. මම මගේ තැන තියාගෙන හැමකෙනා එක්කම සුහදව වැඩකරගෙන යනවා. ඒ නිසා මට තාමත් වැඩ ලැබෙනවා.

නිතර නිතර පේන්න හිටියත් මහේෂිට තාම ජනප්‍රිය නිළිය වෙන්න ලැබිලා නෑනේ?

 
ඒකනේ. මම නාළිකා පහේම නිර්මාණවල පේන්න ඉන්නවා. ඒත් ඉතිං තාම මම ජනප්‍රිය නිළියක් වෙලා නැහැ.

ඇත්තටම සම්මානයක් ගන්න තරම් මහේෂි ජනප්‍රිය නැද්ද?

 
ඒක ඉතිං පාරට බැස්සම තේරෙනවනේ. මම මේ ළඟදී රූපවාහිනි නාළිකාවක වැඩසටහනකට ගියා. එදා පිටරටවල ජීවත් වෙන අයත් ගොඩක් කතා කළා. ප්‍රේක්‍ෂකයො මට ආදරය කරනවා කියලා මම දන්නවා.

එහෙනම් ඔබට කොතැනද වැරැදුණේ?

 
ඇත්තටම කොතැනද වැරැදුණේ කියලා නම් මට තේරෙන්නේ නෑ. අනිත් අයගෙන් තමයි ඉතිං ඒක අහන්න ඕන. තමන්ම SMS ගහගෙනත් ජනප්‍රිය නිළිය වෙන්න පුළුවන්නේ ඉතිං.

ඉතිං මහේෂිටත් එහෙම කරන්න පුළුවන්නේ?

 
මම ම SMS ගහගෙන මම සම්මාන ගන්නේ මොකටද? මම කොහොමත් ඔය ලොකු ලොකු චරිත හඳුනාගන්නේ නෑනේ.

ඒ කියන්නේ ලොකු ලොකු චරිත හඳුනාගෙනත් සම්මාන ගන්න පුළුවන්ද?

 
අනිවාර්යයෙන්ම, හැබැයි එහෙම හිතාගෙන වැඩකරන අයගේ ගමන කෙටියි. ඒත් සමකාලීන සමහරු එකක් කරලා තව දෙයක්නේ කියන්නේ. වැරැදි කරලා කොහොම ඒවා වහනවද කියලා මට නම් තේරෙන්නේ නෑ.

ඔය කියන විදියට මහේෂි කරන දේවල් කියන, කියන දේවල්ම කරන කෙනෙක්ද?

 
අනිවාර්යයෙන්ම මම ඕන දෙයක් කෙළින් කියනවා. මම කිසිම දේශපාලනඥයෙක්, නිෂ්පාදකවරයෙක් එක්ක සම්බන්ධකම් පවත්වලා නෑ. සම්මාන නැති වුණත් මට වැඩ තියෙනවා. මට කොහොමත් හදිසියක් නෑ. මේ ගමන මම හිමින් යනවා. හැබැයි ඉතිං සමහර තැන්වල කලකිරීම් ඇතිවෙලා තියෙනවා. ඒත් මම වැටෙන්නේ නෑ.

කලකිරෙන්න තරම් සමහර තැන් වැරැදිලා තියෙන්නේ මහේෂිගේ කට නිසා කියලා හිතෙන්නේ නැද්ද?

 
එහෙමත් වෙන්න පුළුවන්. මම හැදුන විදියත් එක්ක මට කාටවත් බටර් ගාන්න තේරෙන්නේ නෑ. කියන්න තියෙන දේ මූණටම කියනවා. මූනිච්චාවට කතා කරන්න මට බෑ. අවංක නම් මම පණ හරි දෙනවා. ඉතිං මම ඕන දෙයක් කෙළින් කියන නිසා සමහරුන්ට අල්ලන්නේ නැති වෙන්න පුළුවන්.
 
Related Posts with Thumbnails