Ads 468x60px

.

දුව කිරි ඉල්ලා අඬද්දී පස්‌දරු මව අතුරුදන්

අවුරුදු දෙක හමාරක්‌ වයසැති දියණියක්‌ සහ දරුවන් හතර දෙනකු නිවසේ තනි කර දමා පස්‌ දරු මවක්‌ අතුරුදන් වීමේ සිද්ධියක්‌ මිහින්තලය පොලිස්‌ වසමේ කන්නට්‌ටිය ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ නාඩකන්නගේ අචිනි ප්‍රියදර්ශනී (38) නමැති පස්‌දරු මවකි. සිය සැමියා වන කන්නන්ගර කෝරළලාගේ ඩග්ලස්‌ කන්නන්ගර (41) මහතා පනාගොඩ යුද හමුදා කඳවුරේ පළමුවන ඉංජිනේරු රෙජිමේන්තුවේ සේවය කරනවා

සිය බිරිඳ පසුගිය එකොළොස්‌වැනි දින පෙරවරුවේ වයස අවුරුදු දෙක හමාරක්‌ (2 1/2) වයසැති දියණිය සහ හතර (4) නවය (9) දොළහ (12) දහඅට (18) යන වයස්‌වල පසුවන පුතුන් හතර දෙනාත් නිවසේ හැරදා අතුරුදන්ව තිබෙනවා.

මමත් මගේ බිරිඳත් විවාහ වී වසර විස්‌සක්‌ පමණ වනවා. අපි දෙදෙනා රණ්‌ඩු වෙලා නැතැයි පැවසූ ඩග්ලස්‌ මහතා සිද්ධිය පිළිබඳව මෙසේ කියා

සිටියේය. අනේ මගෙ චූටි දුව කිරි ඉල්ලා අඬනවා. මට මගේ මේ දරුවයි අනෙක්‌ ළමයි හතර දෙනයි එක්‌ක වස බීලා මැරෙන්නයි වෙන්නේ.

මට ඉස්‌සර හොඳින් සල්ලි තිබුණා. වාහන තිබුණා. සෑම නිවාඩු දිනයකදීම බිරිඳත් ළමයි ටිකත් විනෝද චාරිකාවල එක්‌ක යනවා. විවිධ ප්‍රශ්න නිසා ඒ දේවල් මට නැතිවුණා. කාලයත් සමඟ අපට නොයෙක්‌ කරදරවලට මුහුණ පෑවා. මුදල් ප්‍රශ්න ඇති වුණත් කුමක්‌ හෝ සිදු කරමින් ජීවත් වුණා.


බිරිඳත් පාපිසි මහලා මුදල් සෙව්වා. පසුගිය එකොළහ උදේම බිරිඳ මට ජංගම දුරකථනයෙන් කතා කරලා සමිතියකින් ගත්ත ණයකට මුදල් බැඳීමට රුපියල් 1500 ක්‌ අවශ්‍ය බව පැවසුවා. මම එය අනුරාධපුර නගරයට ආසන්නව පදිංචි මගේ යාළුවකුගෙන් ඉල්ලා ගන්න කියා කීවා.

බිරිඳ එදා 11.30 ට විතර යාළුවාගෙන් මුදල් ඉල්ලගෙන ගෙදර ඇවිත් පුතාලා නිවසේ කාමරයේ සිටිත්දී පුංචි දියණිය අරගෙන කාටවත් කියන් නැතිව ගිහින්. අවට කට්‌ටිය දැකලා තියෙනවා බස්‌ හෝල්ට්‌ එකේ ඉන්නවා. එදා සවස බිරිඳ මැදිරිගිරියෙ ඉන්න මගෙ මල්ලිගෙ ගෙදර ගිහින්. 


මල්ලිගේ දුව විතරයි ඉඳල තියෙන්නේ දුවට නංගිව ටිකක්‌ බලා ගන්න කියා පුංචි දුව දීලා. හවස්‌ වනතුරුත් බිරිඳ ගියේ නැති නිසා මල්ලිලාගේ ගෙදරින් මට කතා කරලා කීවා. එදා මමත් නිවාඩු ආපු නිසා වාහනයක ගිහින් දියණිය අරන් ආවා. එයා එක ඇඳුමක්‌ විතරයි අරගෙන ගිහින් තියෙන්නේ වෙන මොකුත් අරන් ගිහින් නෑ. 

දරුවන්ට එදා උයලවත් කන්න දීලා නෑ. වයස දෙකහමාරක දියණිය කිරි ඉල්ලා තවමත් අඬනවා. පිටි කිරි බොන්නෙත් නෑ. දුව ස්‌නායු රෝගය කින්ද පෙළෙනවා. අම්මා නැති අඩුව දරුවන්ට දරා ගන්න බෑ. බිරිඳ අතුරුදන් වූ දවසේ ඉඳන් මටත් දරුවන්ටත් හරියට කෑමක්‌ නැතැයි ඩග්ලස්‌ මහතා හඬමින් පැවසීය.

මෙම සිද්ධිය සම්බන්ධව මිහින්තලය පොලිසියට පැමිණිලිකර තිබුණද මෙතෙක්‌ කිසිදු තොරතුරක්‌ අනාවරණය වී නැහැ. බිරිඳ පිළිබඳව යම් තොරතුරක්‌ දන්නේ නම් 0719229082 යන දුරකථන අංකයට දැනුම් දෙන ලෙසද ඩග්ලස්‌ මහතා ඉල්ලීමක්‌ කරයි.
 
Related Posts with Thumbnails