Ads 468x60px

.

මුතුහෙට්‌ටිගම රිමාන්ඩ් කල හැටි මෙන්න.


වරෙන්තු ලබා සිටියදී පසුගියදා සිංගප්පූරුවට පැනගිය සුළු අපනයන ප්‍රවර්ධන නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්‌ටිගම මහතා ඊයේ (28 දා) කටුනායක ගුවන්තොටුපළෙන් ශ්‍රී ලංකාවට ගොඩබසිද්දී රහස්‌ පොලිස්‌ නිලධාරීහු ගුවන් යානය අසලටම ගොස්‌ ඔහුඅත්අඩංගුවට ගත්තා.

එම ස්‌ථානයේදීම නියෝජ්‍ය ඇමැතිවරයාගෙන් කටඋත්තරයක්‌ ලබාගත් රහස්‌ පොලිස්‌ නිලධාරීන් ඉන් පසුව මීගමුව මහෙස්‌ත්‍රාත් පූර්ණිමා

පරණගමගේ මහත්මියගේ නිල නිවස වෙත ඔහු ඉදිරිපත් කරන ලදුව හෙට (30 දා) දක්‌වා රක්‌ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළාය.

නියෝජ්‍ය ඇමැතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඬුල්ලක්‌ සැකකරු ඇපමත මුදා හරින ලෙසට තර්ක විතර්ක ඉදිරිපත් කළ නමුත් එම ඉල්ලීම ප්‍රතික්‌ෂේප කළ විනිසුරුවරිය අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කළ බද්දේගම මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත සැකකරු හෙට දිනයේ ඉදිරිපත් කරන ලෙසට බන්ධනාගාරයට නියෝග කළාය.

ගාල්ල වඳුරඹ පොලිස්‌ අත්අඩංගුවේ සිටි සැකකරුවන් තිදෙනකු පැහැරගත්තේ යෑයි කියන සිද්ධියක්‌ සම්බන්ධයෙන් සැකකාර නියෝජ්‍ය ඇමැති මුතුහෙට්‌ටිගම මහතා සහ ඔහුගේ රියෑදුරා අත්අඩංගුවට ගන්නා ලෙසට බද්දේගම මහෙස්‌ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා පසුගියදා වරෙන්තු නිකුත් කළේය.

විපක්‍ෂයේ පොදු අපේක්‌ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජය තහවුරු කිරීම සඳහා වඳුරඹ ප්‍රදේශයේ සංවිධානය කළ රැස්‌වීමක වේදිකාව හා වාහන කීපයකට ගිනි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් කිහිප දෙනකු නියෝජ්‍ය ඇමැතිවරයා විසින් බලහත්කාරයෙන් පැහැරගෙන ගිය බවට බද්දේගම මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවේ චෝදනා ඉදිරිපත් කර තිබිණි.

ඒ සම්බන්ධව වරෙන්තු ලබා සිටි නියෝජ්‍ය ඇමැතිවරයා අධිකරණය මඟහරිමින් පසුගියදා විදේශගත විය. සැකකාර නියෝජ්‍ය ඇමැතිවරයා අත්අඩංගුවට ගන්නා ලෙසට බද්දේගම මහෙස්‌ත්‍රාත්වරයා විසින් පොලිස්‌පතිවරයා මගින් අදාළ වරෙන්තුව නිකුත් කරන ලදී. ඒ අනුව එම වරෙන්තුව ක්‍රියාත්මක කිරීම සඳහා පොලිස්‌පතිවරයා රහස්‌ පොලිසියට නියෝග කරන ලදී.

සිංගප්පූරුවට පැන ගිය නියෝජ්‍ය ඇමැති මුතුහෙට්‌ටිගම මහතා ඊයේ පෙරවරුවේ යළි ශ්‍රී ලංකාවට පැමිණෙන බවට ලද තොරතුරක්‌ මත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස්‌ අධිකාරි සේරම් මහතා ඇතුළු රහස්‌ පොලිස්‌ නිලධාරීහු කටුනායක ගුවන් තොටුපළේ රැකවල් ලා සිටියහ.

සිංගප්පූරුවේ සිට පෙරවරු 11.20ට කටුනායකට පැමිණි ගුවන් යානය අසලටම ගිය රහස්‌ පොලිස්‌ නිලධාරීන් නියෝජ්‍ය ඇමැතිවරයා ගුවන් යානයෙන් ගොඩබසිද්දීම අත්අඩංගුවට ගෙන තිබේ.

එම ස්‌ථානයේදීම සැකකරුගෙන් ප්‍රකාශයක්‌ සටහන් කරගත් රහස්‌ පොලිස්‌ නිලධාරීන් පසුව බස්‌නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්‌පති එල්. ජී. කුලරත්න මහතාගේ මෙහෙයවීම මත මීගමුව පොලිසියේ නිලධාරීන් පිරිසකගේද ආරක්‌ෂාව මැද මුතුහෙට්‌ටිගම මහතා මීගමුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරියගේ නිල නිවස වෙත ඉදිරිපත් කරන ලදී.
 
Related Posts with Thumbnails