Ads 468x60px

.

පසුගිය දස වසරක කාලය තුළ මහින්දගෙන් ගුටිකෑ නම් ලැයිස්තුව මෙන්න - මර්වින්ට මුත්‍රාත් පහවෙලා.


අප වෙබ් අඩවිය විසින් පසුගිය දිනෙක වාර්තා කරන්නට යෙදුණු, මහින්ද රාජපක්ෂ සුසිල් ප්‍රේම්ජයන්තට පහරදුන් ප්‍රවෘත්තිය කියවූ සමහර පාඨකයන් අපට කුණුහරුපෙන් බැණවැදුනේ හිටපු ජනාධිපතිවරයාට මඩගසා අපහාස නොකරන ලෙසයි. 

අප එම ප්‍රවෘත්තිය පලකළේ සිද්ධිය වූ ස්ථානයේ රැඳීසිටි ස්වාධීන පුද්ගලයන් කිහිපදෙනෙකුගෙන් සිද්ධිය පිළිබඳව තහවුර කරගැනීමෙනි.

පහර දීමෙන් පසු සුසිල් ප්‍රේම්ජයන්ත නවලෝක රෝහලට ඇතුලත් කළ බව දිනේෂ් ගුණවර්ධන හිටපු අමාත්‍යවරයා විසින් මහින්ද රාජපක්ෂට
දැනුම් දී ඇති අතර පිලියන්දල ප්‍රදේශයේ රැස්වීම අතර මග නවතා මහින්ද රාජපක්ෂ තක්කුමුක්කු වී වහා නවලෝක රෝහලට පැමිණි එම හිරු වීඩියෝව පහතින්. 



අප මීළඟට පාඨක ඔබට පසුගියදා ඉදිරිපත් කලේ ඔහුගේ එවැනි මදාවි ගතියක් දෘශ්‍යමය සාක්ෂි සහිතවය. ඔල්වරසන් හඬ මධ්‍යයේ රැස්වීමකට පැමිණෙන මහින්ද රාජපක්ෂ නම් වූ ඔහු එතැන සිටි පුද්ගලයෙකුට පහර දෙනු ලැබුවා. මෙම පහරදීමද වලක්වන්නේ හැමදාම ඔහුගේ පහරදීම් මැද්දට පනින මේජර් නෙවිල් වන්නිආරච්චිය. 

මහින්දගෙන් වැඩිපුරම පහර කා ඇත්තේ ඔහුගේ පුද්ගලික ආරක්ෂක මේජර් නෙවිල්ය. පහරදුන් ඔහු තම දකුණත පරීක්ෂාකොට බලන්නේ තුවාල සිදුවී දැයි කියාය. ඉන්පසුව කිසිත් සිදුනොවූ පරිදි වේදිකාවට ගොඩවී ජනතාවටද ආචාර කරයි. මෙවැනි අසහාය හැකියාවක් තිබුණේ උගන්ඩාවේ ඉඩි අමීන්ටය. ලංකාවේ මහින්ද ඉඩි අමීන්ට නොදෙවෙනිය.

මෙම සිද්ධිය සිදුවී ඇත්තේ 21දා උදෑසන අකුරුස්සේ පැවති එජනිස ප්‍රචාරක රැළියේදීය.



පසුගිය දස වසරක කාලය තුළ මහින්දගෙන් ගුටිකෑ අය අතර හිටපු ඇමති මර්වින් සිල්වා, හිටපු ඇමති මහින්ද අමරවීර, බස් ගැමුණු (ගැමුණු විජේරත්න), හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය, හිටපු රාජ්‍ය බුද්ධිසේවා ප්‍රධානී චන්ද්‍ර නිමල් වාකිෂ්ට ප්‍රමුඛ වේ. 

මේජර් නෙවිල් වන්නිආරච්චි යහළුවන් සමග සෙට්වූ විට මධුවිතක් පුරමින් හෙළිකරන ලද නම් ලැයිස්තුව ඔහුගේ යහළුවන් පටිගතකොට තිබේ. මේ අතරින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා දරුණු පහරකෑමට ලක්වූ අතර ඒ කෙතරම් යත් මර්වින් සිල්වාට එවෙලේම මුත්‍රා පහවී තිබේ.

අපගේ පෙර පුවත් -

මැදමුලන මූකලානට වෙලා ඉන්න දෙන්නැතුව මූට නොමිනේෂන් අරන් දීලා අපි කර ගත්ත කරුමයක්'
පරාජය දැනී කුපිත වූ මහින්ද සිය ආධාරකරුවෙකුට පහරදීමට උත්සහ දැරූ වීඩියෝව මෙන්න..
 
Related Posts with Thumbnails