Ads 468x60px

.

අතේ තිබුන කීයකට හරි කෙලව ගත්ත එක විතරයි අපි කලේ - ඒක නිසා සර් පැරදෙන්ඩ අපි බය නෑ.


‘මේ හැම විනාසෙකටම වග කියන්න ඕනෙ සර්. සර්ම තමයි මෛත්‍රීපාලව පක්ෂෙ නායකයා කලේ. පවුල බේරගන්න සර් පක්ෂය පාවලා දුන්නා. මෛත්‍රීපාල මහත්තයා නායකකම ඉල්ලුවෙ නෑ. ඒක සර් බලෙන් එයාගෙ ඇඟේ ගැහුවෙ සර්ටයි සර්ගෙ පවුලෙ කට්ටියගෙයි හොරකම් වහගන්න.

එහෙම නොකලා නම් ජනාධිපතිතුමා පක්ෂෙ නායකයා වෙන්නෑ. එහෙම නොවුනානම් අද පක්ෂෙ මේ විදිහට දෙකඩ වෙන්නෑ' යනුවෙන් හිටපු
කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රීධූර අපේක්ෂක මහින්ද රාජපක්ෂට පවසා තිබේ.

තිලංග එසේ මහින්දට පවසා ඇත්තේ ඊයේ (22) මහින්ද රාජපක්ෂ මන්ත්‍රීධූර අපේක්ෂකයා ඔහු ඇමතූ අවස්ථාවේදීය.

තිලංග අමතා ඇති මහින්ද ඔහුට පවසා ඇත්තේ තවදුරටත් මෛත්‍රීවාදියෙක් නොවී තම කණ්ඩායම සමග අත්වැල් බැඳ ගන්නා ලෙසයි. නොඑසේනම් මහමැතිවරණයෙන් තිලංගට අනිවාර්යෙන්ම පරාජය වීමට සිදුවන බව මහින්ද පවසා තිබේ.

ඊට පිලිතුරු දී ඇති තිලංග මහින්දට පවසා ඇත්තේ ‘පැරදුනාට මට කමක් නෑ. මම ඉන්නෙ හැම වෙලාවෙම පක්ෂෙ නායකයා එක්ක. සර් පක්ෂෙ නායකයා වෙලා ඉදිද්දිත් මම සර් සමග 100% ක් හිටියා. 


වෙන එවුන් වගේ එහේ කකුලයි මෙහේ කකුලයි තියන් හිටියෙ නෑ. ශිරාණිව සීජේ කමින් එළවපු වෙලාවෙ ඒ වැඩේ කොච්චර වැරදි වුනත් අපි සර්ල වෙනුවෙන් පෙනී හිටියා. සීජේගෙ ගේ ඉස්සරහ උපවාස කරලා එළවලා කිරිබත් හදාගෙන කෑවෙත් සර්ලගෙ කීමට. 

සර්ලත් අපට උදව් කලා තමයි. සර්ල ඒ හැම එකක්ම කර ගත්තෙ බොරුවට අපේ ෆයිල් තියෙනව කියල අපිව භය කරලා. අපිට ආයිත් ඒ වගේ භය වෙලා ජීවත් වෙන්න ඕනි නෑ. සර්ල වගේ අපි දේශපාලනෙන් හම්බකර ගත්ත දෙයක් නෑ. 

අතේ තිබුන කීයකට හරි කෙලව ගත්ත එක විතරයි අපි කලේ. ඒක නිසා සර් පැරදෙන්ඩ අපි බය නෑ. ජනාධිපතිතුමා අපිව බලා ගනියි' යනුවෙනි.
 
Related Posts with Thumbnails