Ads 468x60px

.

"බල්ල"ගේ වැඩේ "බූරුවා" විසින්ම කරන්නට ඇති ඉඩකඩ වැඩි බව...

මෙතෙක්‌ කලක්‌ අප (ජනතාව) සිතා සිටියේ බොහෝ දේශපාලනඥයන්ට ඇත්තේ රථ ගාය, නිවාස ගාය, තනතුරු ගාය පමණක්‌ බවය. 

මෑතක සිට සමහර දේශපාලනඥයන්ට තුවක්‌කු ගායක්‌ද ආවේශවී ඇති බවක්‌ පෙනේ. මෙතෙක්‌ ජනතාවට "කොකා" පෙන්නූ දේශපාලනඥයන්ට දැන් කොකා වෙනුවට තුවක්‌කුව පෙන්නිය හැකිය. 

නැත්නම් "කරදරයක්‌" යෑයි හැඟෙන ඕනෑම අයෙකුට දෙවරක්‌ නොසිතා "කොකා" ගැස්‌සිය හැකිය. ශරීර ආරක්‍ෂකයන්ට කරන්නට ඇති දේ දැන් දේශපාලනඥයන්ටම කරන්නට හැකියාව තිබේ. කොටින්ම කිව්වොත්
"බල්ල"ගේ වැඩේ "බූරුවා" විසින්ම කරන්නට ඇති ඉඩකඩ වැඩිය.

මේ "තුවක්‌කු ගාය" ගැන අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මසුරන් වටිනා කතාවක්‌ කියා තිබිණි. ඒ කතාව ඊයේ පුවත් පත් වල මුල් පුවත බවටද පත්ව තිබිණි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පොලිස්‌ ආරක්‍ෂාවක්‌ ලබාදී තිබියදී ඔවුන්ට අවි පුහුණුවක්‌ සමඟ ගිනි අවියක්‌ ලබාදීම කොහෙත්ම අවශ්‍ය නොවන බව සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා කියා තිබිණි. මන්ත්‍රීවරුන්ට ලබාදිය යුත්තේ ගිනි අවියක්‌ නොව සංවර්ධන අවියක්‌ බවද ඇමැතිතුමා වැඩිදුරටත් කියා තිබිණි. 


ඒ මසුරන් කතාවට ඇමැතිවරයාට ස්‌තුතිය පුද කළ යුතුය. ඒත් එක්‌කම මතක්‌ කළ යුතු කාරණයක්‌ද තිබේ. ඒ හොරකමින්, මැරකමින්, දූෂණයෙන් වංචාවෙන් "සංවර්ධනය" වූ බොහෝ දේශපාලනඥයන්ට දැන් අවශ්‍ය වන්නේ "ගිනි අවියක්‌" පමණක්‌ බවය.

සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා මසුරන් කතා කියන විට අජිත් පී. පෙරේරා අමාත්‍යවරයා තඹයක්‌වත් නොවටිනා අදහසක්‌ පළකර තිබිණි. ඒ මන්ත්‍රීවරුන්ට ගිනි අවි පුහුණුව ලබාදීම හොඳ ක්‍රියාකාරකමක්‌ බවය. 


මේ ගිනි අවි පුහුණුවේදී පුහුණු කරන්නේ වෙඩි තැබීම පමණක්‌ නොව, ගිනි අවියේ ක්‍රියාකාරීත්වය, ගිනි අවිය අලුත්වැඩියා කිරීම මෙන්ම ගිනි අවිය භාවිත කිරීමට පෙර අවධානය යොමු කළ යුතු කාරණා ගැනද අවබෝධයක්‌ ලබාදීම බව අජිත් පී. පෙරේරා ඇමැතිවරයා කියා තිබිණි. 

ඒ කතාව අනුව මේ කියන දේශපාලනඥයන් රුසියාවේ හෝ චීනයේ අවි ආයුධ කම්හලක සේවයට යෑවීම වඩාත් සුදුසු බව අපි යෝජනා කරමු.

වත්මන් ආණ්‌ඩුවේ ප්‍රධාන තේමාව යහපාලනයයි. යහපාලනය සමඟ ගිනි අවිය සම්බන්ධවන්නේ කෙසේද යන්න ගිනි අවි පුහුණුව සහ ගිනි අවි අවශ්‍ය වේ යෑයි කියා කවරකු විසින් හෝ අපට පැහැදිලි කරදිය යුතුය. 


කවර යහපාලන තත්ත්වයක්‌ යටතේ වුවද ආරක්‍ෂාව ගැන සලකා බලා ගිනි අවි පුහුණුව හා ගිනි අවි අවශ්‍ය වේ යෑයි යමෙකු කියන්නේනම් එය අමනෝඥ පිළිතුරක්‌ බව අපි කියමු. මන්ත්‍රීවරුන්ට (දේශපාලනඥයන්ට) පොලිස්‌ නිලධාරීන් (විශේෂ පුහුණුව ලත් ඇමැති ආරක්‍ෂකයන්, ප්‍රභූ ආරක්‍ෂකයන්) ලබාදී ඇත්තේ ඒ නිසාය.

මන්ත්‍රීවරුන්ටම ගිනි අවි ඉල්ලන්නේ ඒ ආරක්‍ෂකයන් ද "ෂුවර්" නැති නිසා විය යුතුය. දශක තුනක්‌ ත්‍රස්‌තවාදී තර්ජනයන් එල්ලවූ කාලයේදී පවා පෞද්ගලික ගිනි අවියක්‌ ලබා නොගත් දේශපාලනඥයන් සිටින රටක මේ 'තුවක්‌කු ගාය' එතරම්ම හොඳ දෙයක්‌ නොවන බව කිව යුතුය.

බොහෝ දේශපාලනඥයන් පසුගිය කාල වකවානුවේ ගිනි අවි සමඟ කළ ගිනි කෙළි රටේ කිසිවෙකුටත් අමතක නැත. මැති ඇමැතිවරු පමණක්‌ නොව දේශපාලනඥයන්ගේ (මාර) පුත්තු පවා ගිනි අවි සමඟ රාත්‍රි සමාජ ශාලාවල දැක්‌වූ සංදර්ශන ගැන රටේ කාටත් මතකය. එහෙත් රටක ගිනි අවි පුහුණුව පමණක්‌ නොව ගිනි අවිය අලුත්වැඩියා කරන ආකාරයද ඉගැන්වූ පසු තත්ත්වය කොහොමට හිටිවීද?

තුවක්‌කු ගැන නොව රටේම දේශපාලනඥයන්ට යහපාලනය, ආචාර ධර්ම, යහපත් හා සමීප මහජන සේවාවක්‌ ගැන පුහුණුවක්‌ ලබාදිය යුතු බව අපි විශ්වාස කරමු. එසේ නැතහොත් සිදුවන්නේ දූෂණය, වංචාව, මැරකම පෙරටු කරගත් දේශපාලනඥයන්ට ලයිසන් නිකුත් කිරීම පමණය. මෙය බුලට්‌ එක ගැන නොව බැලට්‌ එක ගැන සිතන සියලු දේශපාලනඥයන්ගේ අවධානය පිණිසය.

ධීවරයකු හිර ගෙට ගිය විට ඒ පවුල මහ පාරට වැටෙයි. මාළු කොතරම් ගණන් වුවද, අසරණ ධීවරයා සදාකාලික දුප්පතෙකි. ඔහු බැඳී සිටින්නේ මාළු මුදලාලි පොහොසත් කිරීමට ය. ඔහු මුහුදු යන ඔරුව මුදලාලිගේ ය. ඔහු මුහුදට දමන දැල තවත් මුදලාලි කෙනකුගේ ය. ඔහු මුහුදේ ගත කරන කාලය සඳහා ගෙන යන සහල්, තුනපහ තවත් මුදලාලියකුගේ ය. 


බොහෝ විට ධීවරයාට අයත් වන්නේ ඔහු ඇඳ සිටින යට ඇඳුම සහ සරම් කබල පමණි. මෙය ලංකාවට මෙන්ම ඉන්දියාවට ද පොදු තත්ත්වයකි. 

ඇතැම් විටෙකදී ලාංකික ධීවරයාගේ ජීවන තත්ත්වය ඉන්දියානු ධීවරයාගේ ජීවන තත්ත්වයට වඩා යම් ප්‍රමාණයකට යහපත් ය. එහෙත් ඔවුන් හිරේ වැටුණු විට දෙපාර්ශ්වයේම පවුල් ඉන්දු ලංකා ජාතිකත්වය නොසලකා නන්නත්තාර වන්නේ ය.

අද ලංකාවේ මාළු දේශපාලනයක්‌ නැත. එහෙත් ඉන්දියානු වෙරළ තීරයෙහි මාළු දේශපාලනය සැරටම තිබේ. එම තීරයෙහි සිටින දේශපාලනඥයන්ට වියදම් කරන්නේ මාළු මුදලාලිලා ය. 


එබැවින් ඔවුන්ගේ අභිමතය අනුව ලංකාව කොල්ලකෑමට ඉඩ දීම තමිල් නාඩු දේශපාලනඥයන්ගේ වගකීම වී තිබේ. මේ ජරාජීර්ණ තත්ත්වය පවතින තුරු දැනට පවතින අඳුරු තත්ත්වය නිම වන්නේ නැත. මේ අඳුර තිබෙන තුරු පෙර කී මාළු දේශපාලනය නිම වන්නේ ද නැත.
 
Related Posts with Thumbnails