Ads 468x60px

.

වසර 03 කට පසු 'ඉන්දීය දියණියගේ' සැබෑ නම හෙළි කරයි


2012 වසරේදී දිල්ලි නුවර බස් රථයක් තුළ සමූහ දූෂණයකට ලක්ව මියගිය ඉන්දීය වෛද්‍ය සිසුවියගේ නම වසර තුනකට පසු ඊයේ (16) පළමුවරට අනාවරණ කෙරුණා.

මෙතෙක් ඇය හදුන්වනු ලැබුවේ නිර්භයා සහ ඉන්දියාවේ දියණිය වැනි අන්වර්ථ නාමයන්ගෙන්. කෙසේවෙතත් ඇගේ සැබෑ නම යෝති සිං බව

දිල්ලි නුවර ඊයේ පැවති මහජන උද්ඝෝෂණයකදී ඇගේ මව කියාසිිටියා. වසර 3 ක් තිස්සේ සගවා සිටි සිය දියණියගේ නම ලොවට හෙළි කිරිමට තමන් දැන් බිය නොවන බවයි ඇය වැඩිදුරටත් පැවසුවේ.

දුෂණයකට ලක්වන තැනැත්තන්ගේ නම හෙළි කිරීම ඉන්දීය නීතිය යටතේ වරදක් වනවා. යෝති සිංගේ ඡායාරූපයක් පවා මාධ්‍ය වෙත නිකුත් කෙරුණේ ඇගේ මරණයෙන්ද සෑහෙන කලකට පසුවයි.

2012 වසරේ දෙසැම්බර් 16 වනදා අදාළ සමූහ දූෂණය සිදු වුණා. ඒ සම්බන්ධයෙන් වරදකරුවන් වූ හතර දෙනෙකුට 2013 වසරේ සැප්තැම්බර් 13 වනදා මරණ දඩුවම නියම කෙරුණා. කෙසේවෙතත් මේ වනවිට එහි අභියාචනයක් විභාග වන අතර එම කටයුතු අවසන් වනතුරු මරණ දඩුවම අත්හිටුවා තිබෙනවා.

මෙම අපරාධය සම්බන්ධයෙන් බාලවයස්කරුවෙකුද අධිකරණය හමුවේ වරදකරු වුණා. ඔහුට වසර තුනක පුනරුත්ථාපන කාලයක් නියම කිරීමටයි නඩු විභාගයෙන් පසු නියම කෙරුණේ.

මේ අතර ඉකුත් වසරේදී පමණක් ඉන්දියාවේ ස්තී‍්‍ර දූෂණ සිද්ධීන් තිස් හයදහකට වැඩි ප‍්‍රමාණයක් වාර්තා වී තිබෙනවා. ඒවායින් දිල්ලි නුවර සිදුවු ස්තී‍්‍ර දූෂණ ගණන දෙදහස් අනූ හයක්. කෙසේවෙතත් සැබෑ අගයන් මීට වඩා බොහෝ සෙයින් වැඩි විය හැකි බව විචාරකයන් පවසනවා.
 
Related Posts with Thumbnails