Ads 468x60px

.

වැඩිකළ දසදහසෙන් 2000 ක්‌ ජනවාරියේ සිට වැටුපට.

රජයේ සේවකයන්ට පසුගිය අයවැයෙන් වැඩිකළ රුපියල් දස දහසක දීමනාවෙන් රුපියල් දෙදහසක්‌ ජනවාරි මාසයේ සිට මූලික වැටුපට එක්‌කිරීමට කටයුතු කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (14 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ඉතිරි රුපියල් අටදහසද අදියරෙන් අදියර මූලික වැටුපට එක්‌ කරන බව කී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා රජයේ සේවක වැටුප් විෂමතාව පිළිබඳ ගැඹුරින් විමසා බැලීම සඳහා ජාතික වැටුප් කොමිසම යළි ස්‌ථාපිත කර මාස හයකින් වාර්තාවක්‌ කැඳවන බවද කීවේය.

වර්ජනයක්‌ සඳහා සූදානම් වූ වෘත්තීය සමිති සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්‌ කළ අගමැතිවරයා

වාහන සඳහා වැඩිකළ ආදායම් බලපත්‍ර ගාස්‌තුව සියයට 25 සිට සියයට 15 දක්‌වා අඩුකරන බවද කීය. 

දුම් පරීකෂණ සඳහා රුපියල් 1500 ක අන්තර්කාලීන ගාස්‌තුවක්‌ නියම කර බවද කී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කල්බදු සඳහා වාහනයකට අයකරන තක්‌සේරු ගාස්‌තුව රුපියල් 5000 දක්‌වාත්, ත්‍රිරෝද රථ සහ යතුරුපැදි සඳහා තක්‌සේරු ගාස්‌තුව රුපියල් 3000 දක්‌වාත් පහත හෙළන බව කීය.

බැංකු ගිණුමෙන් රුපියල් ලක්‌ෂ දහයකට වඩා වැඩි මුදලක්‌ ගැනීමේදී සියයට දෙකක බද්දක්‌ අයකිරීමට ගත් තීරණය සම්බන්ධව මහ බැංකුවෙන් වාර්තාවක්‌ කැඳවා එය සංශෝධනයට ලක්‌ කිරීමටද ආණ්‌ඩුව සූදානම් බව අගමැතිවරයා කීවේය.

අග්‍රහාර රක්‌ෂණයට අදාළ ප්‍රතිලාභ ප්‍රමාණය වැඩිකර විශ්‍රාමිකයිනට අග්‍රභාර ප්‍රතිලාභ හිමිකම් ලබාදීමට පියවර ගන්න බවත් ලබන ජනවාරි යේ සිට විශ්‍රාම ගන්නා සියල්ලන්ට අග්‍රභාර රක්‌ෂණ ප්‍රතිලාභ හිමිකම් ලබා දෙන බවත් කී අගමැතිවරයා මෑන්පවර් සේවකයන් ස්‌ථිර කර නැත්තේ ටෙලිකොම් ආයතනය පමණක්‌ නිසා විදුලි සංදේශ ඇමැති හා ටෙලිකොම් සභාපති මේ පිළිබඳ සොයා බලමින් සිටින බවද ප්‍රකාශ කළේය.
 
Related Posts with Thumbnails