Ads 468x60px

.

පැයකට ආප්ප 350ක් සෑදිය හැකි නව යන්ත්‍රයක්..


අප රටේ ඉතා ජනප්‍රිය ආහාරයක් වන ආප්ප නිෂ්පාදනය තවමත් සිදුකරනු ලබන්නේ පැරණි සම්ප්‍රදායික තාක්ෂණය භාවිතයෙනි. 

මේ නිසා ඉල්ලුමට සරිලන සැපයුමක් දීමට නොහැකි තත්ත්වය නිසා බොහෝ නිෂ්පාදකයන් ආප්ප නිෂ්පාදනය සිදුකරනු ලබන්නේ කුඩා
පරිමාණ වශයෙනි. 

මෙයට විසඳුමක් ලෙස මෙම ආප්ප නිෂ්පාදන යන්ත්‍රය හඳුන්වා දී ඇති අතර, එය මෙම කර්මාන්තයේ නියුක්තව සිටින විශාල පිරිසකට තම කර්මාන්තය දියුණු කර ගැනීමට මහත් පිටුවහලක් වනු ඇත.

තවද, මෙම උපකරණය නිෂ්පාදනය සඳහා සුදුසු ව්‍යවසායකයන් හඳුනාගෙන ඔවුන්ට මෙම යන්ත්‍රය නිෂ්පාදනය තාක්ෂණය ලබාදීමෙන් මෙය ප්‍රචලිත කිරීම නර්ඩ් මධ්‍යස්ථානයේ අරමුණ බව ඔවුන් සඳහන් කරයි. 

රුහුණු විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශය විසින් පැයකට ආප්ප 350 ක් නිපදවිය හැකි මෙම යන්ත්‍රය නිර්මාණය කරන ලද අතර, නර්ඩ් මධ්‍යස්ථානය මගින් එහි ඉදිරි වැඩිදියුණු කාර්යයන් සිදුකර ඇත. 

මෙම ස්වයංක්‍රීය ආප්ප නිෂ්පාදන යන්ත්‍රය හඳුන්වාදීම පසුගියදා ඒකල නර්ඩ් මධ්‍යස්ථානයේදී සිදුවිය.

යන්ත්‍රයේ ලක්ෂණ

පැයකට ආප්ප 350 ක් පිස ගත හැකිය.

සෑම ආප්පයක්ම එකම ප්‍රමාණයකින් හා ප්‍රමිතියකින් යුක්ත වීම.

තාච්චියට ආප්ප පිටි මිශ්‍රණය දැමීම හා ආප්පය පිළියෙළ වීම තත්පර 9 ක් තුළ සිදුවේ. ආප්පය නියමිත ප්‍රමාණයට තැම්බී ඇති බව ස්වයංක්‍රීයව දැනුම් දේ.

වරකට ආප්ප 200 ක් සඳහා පිටි මිශ්‍රණය ගබඩා කර ගත හැකිය.

ආප්පයකට වැටෙන පිටි ප්‍රමාණය (ආප්පයේ ප්‍රමාණය) අවශ්‍ය පරිදි සකස් කර ගත හැකි වීම.

විශේෂ පුහුණුවක් අවශ්‍ය නොවීම.

නිපදවන ආප්ප ගණන ස්වයංක්‍රීයව යන්ත්‍රයේ සටහන් වීම 

යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය

පළමුව පිළියෙළ කරගත් ආප්ප පිටි මිශ්‍රණය යන්ත්‍රයේ ඒ සඳහා ඇති බඳුනට දමා එහි ස්විචය ක්‍රියා කරවීමෙන් තාච්චියට ආප්ප පිටි මිශ්‍රණය නියමිත ප්‍රමාණයට වැටී ආප්පය ලෙස සකස්වීම සිදුවේ. 

ඉන්පසු එම තාච්චිය උදුන වෙත යොමුවීම සිදුවෙන අතර, ආප්පය නිසි පරිදි තැම්බී අවසන් වූ පසු ස්වයංක්‍රීයව දැනුම් දීම සිදුවේ. වැඩි විස්තර සඳහා 0112236284,0112236384 අමතන්න.

 
Related Posts with Thumbnails