Ads 468x60px

.

වසර 65 කට පසු දරුණුම එල්නිනෝව ලබන වසරේ එනවා.


වසර 65 කට පසු ලොව මුහුණ දෙන දරුණුතම එල්නිනෝ දේශගුණික තත්ත්වය 2016 දී ඇතිවන බව පවසන ජාත්‍යන්තර සහන සංවිධාන එම හේතුවෙන් ලොව පුරා රටවල් රැසක කෝටි ගණන් ජනතාවට නියඟ
යෙන් හා අධික ගංවතුරෙන් පීඩා විඳීමට සිදුවන බවට අනතුරු අඟවති. 

නියඟය හා ජල ගැලීම් හේතුවෙන් රටවල් රැසක ආහාර හිඟයක්‌ ඇතිවන බවත් එයින් කෝටි ගණන් ජනතාව පීඩාවට පත්වන බවත් එම සංවිධානය පෙන්වා දෙති.

2016 මුලදී මෙම තත්ත්වය අප්‍රිකාවට මුලින්ම බලපාන අතර පසුව එය කැරිබියන් රටවලට, මධ්‍යම හා දකුණු ඇමරිකානු රටවලට බලපානු ඇත.

ආසියානු කලාපයේදී වර්ෂාව සැලකිය යුතු ප්‍රතිශතයකින් අඩුවනු ඇත.

ඉන්දුනීසියාවේ වර්ෂාව සියයට තිහකින් පමණ අඩුවන අතර ඉන්දියානු කලාපයේ මෝසම් වර්ෂාව සියයට පහළොවකින් අඩුවනු ඇත. කෙසේ වෙතත් ලොව තවත් රටවල් රැසකට මේ කාලයේ දරුණු ගංවතුර තත්ත්වයන්ද ඇතිවනු ඇත.

මෙවන් දරුණු එල්නිනෝ කාලගුණික තත්ත්වයක්‌ මීට පෙර ඇතිවූයේ 1950 දීය.
 
Related Posts with Thumbnails