Ads 468x60px

.

මිණිපිරිය වයස් ගත ආච්චිව කුඩුවක දැම්ම හේතුව.


මීටියාගොඩ පොලිස් වසමට අයත් දිද්දැලියේ නිවසක වැසිකිළියක් ආසන්නයේ ඉදිකර තිබූ කුටියක් තුළ වසර දෙකක පමණ කාලයක්
තිස්සේ රදවා සිටි බව කියන මන්ද බුද්ධික වයස් ගත කාන්තාවක් ඉන් මුදවා ගත් මීටියාගොඩ පොලිස් නිලධාරීන් ඇයව අද රොහල් ගත කළේය. ‍

එම කාන්තාව එකී කුටිය තුළට දමා යකඩ කූරු සහිත දොරක් සවි කොට එයට ඉබි යතුරු දමා ඇය එහි රදවා තිබූ බව පොලීසිය පැවසුවේය. මෙම නිවසේ පදිංචිව සිට ඇත්තේද පනස් අට හැවිරිදි මෙම කාන්තාවගේ මිණිබිරිය සහ ඇගේ සැමියා පමණි.

මිණිබිරියගේ මව රැකියාවක් සදහා විදේශ තව සිටින බව කියයි. මෙම කාන්තාවට දියණියන් දෙදෙනෙකුද එක් පුතෙකුද සිටී.

කෙසේ වෙතත් මේ වයස් ගත කාන්තාව මේ අයුරින් කූඩු කර තැබීම නීති විරෝධී ක්‍රියාවක් බැවින් මෙම මිණිබිරියත් කාන්තාවගේ අනෙක් දියණියත් පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබුණි.

අත් අඩංගුවටගත් මිණිබිරිය පොලීසියට පවසා ඇත්තේ මෙවන් කථාවකි.

මගේ මව රැකියාවක් සදහා විදේශ ගතව සිටිනවා. ආච්චීට තවත් දුවෙක් හා පුතෙක් සිටිනවා. නමුත් ආච්චීගේ සියලු කටයුතු ඉටු කරන්න වෙලා තිබෙන්නේ මටයි. ආචිචී නිවසේ හිටි තැනම ජරා කර ගන්නවා.

ඒ ඇදුම් සෝදා පිරිසිදු කරන්නත් ආච්චී සෝදා පිරිසිදු කරන්නෙත් මම විතරයි. ආච්චි ජරා කර ගන්නා ඇදුම් සෝදන්න බැරි අවස්ථාවලදී ඒ ඇදුම් මම වීසි කරනවා.

ආච්චි අපි කියන කිසිවක් අහන්නේ නැහැ. හිටි ගමන් යන්න යනවා. ඒ නිසා අපි ආච්චීව නිවසින් බැහැරව තැබුවා.

ඒ වුනත් මම ආච්චීව නාවා පිරිසිදු කරනවා.කන්න බොන්න දෙනවා.ආච්චී ගැන බලන්න සොයන්න වෙනත් කිසිවකු නැහැ.

කෙසේ වෙතත් මෙම මිණිබිරිය සහ මහලු මවගේ දියණියක් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට අවශ්‍ය කටයුතු යොදා තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.






 
Related Posts with Thumbnails