Ads 468x60px

.

අඬාහැලෙන දියඇල්ලේ පෙම්වතුන්ට වෙච්ච හදිය


අපේ මේ කඳුළු කතාන්දරයේ කතා නායිකාව වූයේ අඬාහැලෙන ඇල්ලයි. ඇය කී කතාන්දරය සත්තකින්ම දුක්‌මුසු වූ කතාන්දරයකි. ඇල්පිටිය පිටුවල ප්‍රදේශයේ අඬා හැලෙන දියඇල්ල අසලදී පසුගිය 13 වැනිදා අබිරහස්‌ ලෙස ඝාතනය කළ විසිතුන් හැවිරිදි හමුදා භටයකු වන
අෂාන් ජයසංඛ සහ 18 හැවිරිදි අනූෂා ප්‍රියදර්ශනී නමැති පෙම් යුවළගේ මරණ සම්බන්ධයෙන් පොලිසිය හා හමුදාව පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

මෙය සත්තකින්ම තවමත් අබිරහසකි. නිවෙසින් පිටත් වී දින 3 කට පසුව එනම් පසුගිය 13 දින එම දියඇල්ල අසල තිබී මෙම යුවළගේ සිරුරු පොලිසිය විසින් සොයාගෙන තිබිණි. 


එම මරණ සම්බන්ධයෙන් ඇල්පිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි චන්න පෙරේරා මහතා විසින් සිදු කරන ලද පශ්චාත් මරණ පරීක්‍ෂණයෙන් පසුව වාචිකව ප්‍රකාශ කර ඇත්තේ මියගිය තරුණයාගේ මරණය ගෙල සිර කිරීමකින් සිදුවී ඇති බවත්, තරුණියගේ මරණය හිසට මොට ආයුධයකින් පහරදීමකින් සිදු වූවක්‌ බවත් යෑයි පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස්‌ අධිකාරි රුවන් ගුණසේකර මහතා අප කළ විමසුමකදී ප්‍රකාශ කළේය.

අඬාහැලෙන ඇල්ල බලා සිටියදීම යක්‍ෂයෝ මේ අහිංසක පෙම්වතුනට හිරිහැර කර තම පෙම්වතා ඉදිරියේම පෙම්වතිය දූෂණය කරන්නට තරම් සැහැසි වූහ. එය සුන්දර ඇල්ල බලා සිටියාය. 


ඇයට කළ හැකිව තිබුණේ ඉකිබිඳ හඬමින් මේ විපත දෙස බලා සිටීම පමණි. ඇය නිහඬව සාක්‍ෂි සටහන් කළාය. ඇය කියන ආකාරයට මේ කතාන්දරය දුක හිතෙන කතාන්දරයකි.

මෙම ස්‌ථානයට පොලිස්‌ මුරපළක්‌ ලබාදෙන්න යෑයි ගම්මුන් බලධාරීන්ට පැවැසුවද හයවැනි මර බිල්ලත් ඇල්ල අසලදී යක්‍ෂයන් ගොදුරු කරගෙන ඇති නමුත් තවම මෙම ස්‌ථානයට පොලිස්‌ මුර පළක්‌ ස්‌ථාපිත කර නොමැත. ජනතාව කී ඉල්ලීම් සියල්ලම ඇල්ලට කැපූ ඉනි මෙන්ය.

අඬාහැලෙන ඇල්ල නැරඹීමට දිනපතා බොහෝ පිරිසක්‌ පැමිණෙති. විශේෂයෙන් නිවාඩු දිනවලට පැමිණෙන පිරිස බෙහෙවින් ඉහළ යයි. මෙසේ පැමිණෙන ඇතැම් අය මේ ස්‌ථානයේ මත්පැන් සාද පවත්වති. 


මත්පැන් පානයෙන් පසුව හිස්‌වන බෝතල් ඇල්ල අවට තැන තැන දැමීම නිසා ඒ අවට අපවිත්‍ර වීමට පටන්ගෙන තිබේ. මේ ආදරවන්තයෝද ඇල්ලේ සුන්දරත්වය දකිමින් සුන්දරව සිටියහ. යක්‍ෂයෝ වනරොද අතරින් ගොදුරට ළඟා වෙමින් සිටියෝය. නමුත් මේ අහිංසක පෙම්වතුන් එය දැන සිටියේ නැත.

ඇල්පිටිය පිටුවල ප්‍රදේශයේ අඬාහැලෙන දියඇල්ල අසල මියගොස්‌ සිටි විසිතුන් හැවිරිදි හමුදා භටයකු වන අශාන් ජයසංඛ සහ 18 හැවිරිදි අනූෂා ප්‍රියදර්ශනී නමැති පෙම් යුවළගේ මරණ අබිරහස්‌ ඝාතනයන්ද යන්න ගැන පොලිසියට සැක මතුවී තිබේ. 


මෙම මරණ දෙක සිදුව ඇති ආකාරය දෙස බැලීඹෙAදී මෙය තහවුරු වේ. නිවෙසින් අතුරුදන් වී දින 3 කට පසුව එනම් පසුගිය 13 දින එම දියඇල්ල අසල තිබී මෙම යුවළගේ සිරුරු පොලිසිය විසින් සොයාගෙන තිබුණේ පසුගිය 13 වැනි ඉරු දිනය.

ඇල්පිටිය නවදගල, අලිකෑහේනවත්ත ප්‍රදේශයේ පදිංචි කන්දගේ අනූෂා ප්‍රියදර්ශනී 18 නමැති ජීව විද්‍යා අංශයේ ඉගෙනුම ලබමින් සිටි ශිෂ්‍යාවක හා ශ්‍රී ලංකා යුද හමුදා පාබල සේනාංකයේ මන්නාරම කඳවුරේ සේවය කරමින් සිට නිවාඩුවට ගමට පැමිණි සිටි හේවාහඳුන් පතිරණ අශාන් ජයශාන්ත (23) නමැති අයකු මෙසේ මියගොස්‌ ඇත.

ඉකුත් 13 දා උදේ 10.30 ට පමණ මෙම මළ සිරුරු සොයා ගැනීමෙන් පසු ඒ සම්බන්ධයෙන් ඇල්පිටිය පොලිසියේ මූලික විමර්ශන අනුව මෙම තරුණ යුවළ මීට දින දෙකකට පමණ පෙර කෘමි නාශක වර්ගයක්‌ පානය කර සිය දිවි නසාගෙන හෝ තරුණිය ඝාතනය කර තරුණයා වසා පානය කර ඇත්දැයි විමර්ශනවලට ලක්‌කර තොරතුරු රැස්‌ කළත් එම ස්‌ථානයට ගිය ඇල්පිටිය වැඩබලන මහෙස්‌ත්‍රාත් මුණිදාස හාල්පන් දෙණිය මහතා මෙය ඝාතනයක්‌ බවට සැක කළ හැකි වටපිටාවක්‌ ඇති බැවින් ඒ පිළිබඳව පරීක්‍ෂණ සිදු කරන ලෙස නියෝග කළේය. ඒ වට පිටාවේ තිබූ සැකකටයුතු වාතාවරණය නිසාය. දැක පුරුද්ද කළ පුරුද්ද, පළපුරුද්ද ඇති එතුමාගේ තීරණය මේ වන විට නිවැරදි වෙමින් පවතී.

ඉකුත් 11 වැනිදා සිට මෙම යුවළ ඇල්ල අසල නිවස අසලින් බැහැරව ගියද නැවත ආපසු පැමිණ නැති බවට නිවෙස්‌ හිමියන් ඇල්පිටිය පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු කළ පරීක්‍ෂණ අනුව අතහැර දමා තිබූ යතුරුපැදියක හෝඩුවාවක්‌ ඔස්‌සේ මෙම මළ සිරුරු සොයා ගැනීමට පොලිසියට හැකි විය.

13 දා උදේ අඬාහැලෙන ඇල්ලට දිය නෑමට ගිය බොහෝ පිරිසක්‌ ඒ අවටින් අධික දුර්ගන්ධයක්‌ හමන බවට ලබාදුන් තොරතුරු ඔස්‌සේ කළ සොයා බැලීම්වලදී මෙම කාන්තා මළ සිරුර මුලින්ම හමුවී ඇති අතර පොලිසිය ගොස්‌ අවට කළ විමර්ශනවලදී මීටර් 25 ක්‌ පමණ ඈතින් තරුණයාගේ මළ සිරුර හමුවී තිබේ.

මියගොස්‌ ඇති තරුණ යුවළ වැටී සිටි ස්‌ථානයේ අධික විෂ සහිත කෘෂි රසායනික බෝතල් දෙකක්‌ වැටී තිබූ අතර මෙම මරණවලට හේතුව වස පානය කිරීම බවට නිර්මාණය කළ පසුබිමක්‌ එහි තිබීම පිළිබඳව ඇල්පිටිය වැඩබලන මහෙස්‌ත්‍රාත් මුණිදාස හාල්පන්දෙණිය මහතා එම ස්‌ථානයේ පරීක්‍ෂණ මෙහෙයුම්වල යෙදී සිටි පොලිස්‌ නිලධාරීන්ට පෙන්වා දෙමින් ඒ පිළිබඳව වඩාත් සැලකිලිමත්ව තොරතුරු වාර්තා කරන ලෙසද එහිදී නියෝග කළේය.

යක්‍ෂයෝ බිල්ල ගත්තෝය. ඒ යක්‍ෂයෝ කිසිදු තොරතුරක්‌ ඉතිරි කරන්ට නොසිතූහ. නමුත් යක්‍ෂයන්ටත් වැරදී ඇති බව යක්‍ෂයන්ට තේරුම් ගියේ යක්‍ෂ විමානයම රත්වූ පසුවයි. 


සිරුරු කොටසක්‌ කබරයන් ආදී සතුන් කා දමා අධික ලෙස දුගඳ හමමින් තිබූ මියගොස්‌ සිටි පාසල් ශිෂ්‍යාවගේ සිරුරේ යට කොටස වැසෙන සේ ඇඟ පිසින නිල් පැහැති තුවායකින් වසා දැමීම පිළිබඳව මහෙස්‌ත්‍රාත් මුණිදාස හාල්පන්දෙණිය මහතා පොලිසියේ අවධානය යොමු කළ අතර වස පානය කර මියගිය අයකු වැටී සිටි ස්‌ථානයක ඇති කිසිම හෝඩුවාවක්‌ එම ස්‌ථානයේ නොතිබීම පිළිබඳවත් පොලිsසියේ අවධානය යොමු කළ අතර තරුණයාගේ මළ සිරුරේ නිල් පැහැති බොටම් කලිසමක්‌ හා ටී ෂර්ටයක්‌ තිබෙනු දක්‌නට ලැබිණි.

මියගොස්‌ ඇති තරුණ යුවළගේ පෙම් සබඳතාවන් පිළිබඳ නිවෙස්‌වල අය දැනුවත්ව සිට ඇති අතර ඔවුන්ගේ සම්බන්ධතාවන්ට විරුද්ධ වීමක්‌ නොමැතිව තිබියදී දිවි නසා ගැනීමට හේතුව දෙපාර්ශවයේම ඥතීන්ට ගැටලුවක්‌ බව ඔවුහු කියති. මෙය සත්තකින්ම දිවි නසා ගැනීමක්‌ද මනුෂ්‍ය ඝාතනයක්‌ද යන්න ඉදිරියේදී රටටම පසක්‌ වනු ඇත.

මෙයද මේ සියදිවි හානි කරගන්නට තරම් කටයුත්තක්‌ නොවන බව වැටහේ. නමුත් යක්‍ෂයන් එය දැන සිටියේ නැත. තරුණයා යුද හමුදා සේවයේ රාජකාරිවල නිරතව සිට ඉකුත් 2 වැනිදා නිවාඩුවට නිවෙසට පැමිණ 11 වැනි දින නැවත සේවයට වාර්තා කිරීමට පිටත් වීමට තිබියදී කුරුඳුගහහැතැප්ම නගරයට යන බව පවසා නිවෙසින් පිටව ගොස්‌ ඇති බව හමුදා සෙබළා වූ හේවා හඳුන් පතිරණ අශාන් ජයශාන්ත (23) ගේ මවුපියෝ අප සමග පැවසූහ.

ශිෂ්‍යාව 2016 උසස්‌ පෙළ විභාගයට ඇයගේ අධ්‍යාපන කටයුතු සඳහා වූ අමතර පන්තියකට යන බව පවසා නිවෙසින් පිටව ගොස්‌ ඇත්තේ රෙදි බෑග්, ඇඳුම් කිසිවක්‌ නොමැතිව බව ඒ අයගේ පවුල්වල ඥතීන් පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වන අතර මෙම දෙදෙනාගේ පෙම් සම්බන්ධතාවට මාස 6 ක්‌ පමණ වන බවද එහි වැඩිදුරටත් සඳහන් වේ.

මියගිය අනූෂා ප්‍රියදර්ශනී සිසුවියගේ මව වන දේවිකා ප්‍රියදර්ශනී (50) හඬා වැටෙමින් මෙසේ පැවැසුවාය.

අපේ දුව අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ අ.පො.ස. සා.පෙළ විභාගයෙන් විෂයයන් 9 ටම ඒ සාමාර්ථ අරගෙන උසස්‌ පෙළ විභාගයට ජීව විද්‍යා අංශයෙන් පෙනී සිටින්නයි හිතාගෙන සිටියේ. එහෙම දරුවාට මොන අපරාධයක්‌ද දෙවියනේ මේ සිද්ධ වුණේ කියලා උඩ ඉන්න දෙවියන් විතරයි දන්නේ. අපට තරහකාරයෝ හිsටියේ නෑ. 


පුංචි කාලයේ ඉඳලා පෙර පාසලේ ඉඳලාම, දරුවා ඉගෙන ගන්න හරි දක්‍ෂයි. පිළිවෙළට වැඩ කරනවා. ගෙදර වැඩත් හැම එකක්‌ම පුළුවන්. තාත්තා කුරුඳු තළන්නේ. ඒaවාටත් උදව් දෙනවා. මගෙ ගෑනු දරුවෝ 3 දෙනාගෙන් දෙවැනි දරුවා තමයි මේ. ඇල්පිටිය නවදගල, අලිකෑහේනවත්ත පදිංචි කන්දගේ අනූෂා ප්‍රියදර්ශනී දුව මාස 6 ක ඉඳලා පෙම් සම්බන්ධයක්‌ ඇති කරගෙන තිබුණේ. 

අපේ ගමේ සුනිල් මල්ලිගේ පුතා එක්‌ක. මගේවත් දූලාගේ තාත්තාගේවත් මේකට අකැමැත්තක්‌ තිබුණේ නෑ. සුනිල්ලා හරි වැදගත් අහිංසක මිනිස්‌සු. ඒවාට විරුද්ධත්වයක්‌ තිබුණේ නෑ. පසුගිය 11 වැනිදා උදේ 6.30 ට පමණ පන්ති යනවා කියලා ගිය දරුවාගේ ටෙලිෙµdaන් එක දවල් වෙනකම් වැඩ කළා. 

පන්ති ගියා කියලා යාළුවන්ගෙන් දැන ගත්තා. මේ මොන අපරාධයක්‌ද කියලා අපිට හිතාගන්නවත් බෑ දෙවියනේ. මේ අපරාධයේ සැබෑ තත්ත්වය රටට හෙළි කරලා අපරාධයක්‌ නම් ඒ අයට නිසි දඬුවම් ලබාදෙන්නයි අපි ඉල්ලන්නේ.

සෙබළාගේ මෑණියන් වන ඒ. එච්. නන්දනී මහත්මිය මෙසේ කීවාය.

අපේ පුතා හරිම අහිංසකයි. එයා හමුදාවේ කියලවත් කියන්න බෑ. අපට හරි ආදරෙයි. තාත්තටත් මටත් හරිම කීකරුයි. එයාගේ එකම මල්ලීටත් ලොකු පුතා ආදරෙයි. අපි කියන විදියට තමයි කටයුතු කළේ. දූත් එක්‌ක යාළු බවද පුතා අපිට කීවා. 


අපිත් ඒ අයගේ ආදර සම්බන්ධයට ආශීර්වාද කළා. අපේ අකැමැත්තක්‌ තිබුණේ නෑ. මේ අපේ දරුවෝ මැරුවේ කවුද කියලා අපිට කියන්න. ඒ යමයෝ අල්ලා නීතිය ක්‍රියාත්මක කරන්න කියලා තමයි අපි දරුවන්ගේ නාමයෙන් ඉල්ලා සිටින්නේ.

මේ වන විටත් ඇල්පිටිය පොලිසිය හා හමුදාවේ බට කණ්‌ඩායම් මනුෂ්‍ය ඝාතනය කළ ඝාතකයන් සොයා ඇල්ල අසල වනාන්තරය පීරති. වටිනා හෝඩුවාවන් රැසක්‌ සමගින් මෙම මෙහෙයුම දියත් කරන බව ආරක්‍ෂක අංශයේ නිලධාරීහු පවසති.

මේ අහිංසක පෙම් යුවළ මරා දැමූ ඝතකයෝ අද හෙටම අල්ලා ගත හැකිය යන්න ආරක්‍ෂක අංශවල විශ්වාසයයි.

මෙම ආදරවන්තයන්ගේ ඝාතනය සම්බන්ධයෙන්, පශ්චාත් වෛද්‍ය පරීක්‍ෂණය ඇල්පිටිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි චන්න පෙරේරා මහතා විසින් පවත්වන ලදි. මියගිය තරුණිය දූෂණය කිරීමෙන් අනතුරුව මොට ආයුධයකින් හිසට පහරදී ගෙල සිරකර ඝාතනය කර ඇති බවට එහිදී නිගමනය කර තිබිණි. 
 
Related Posts with Thumbnails