Ads 468x60px

.

"ක්‍රිකට් ගැහුවා සිංදු කිව්වා කියලා පාර්ලිමේන්තු යවලා හරියයිද?" - සුනිල්


දේශපාලනඥයන්ට වාහන සදහා කිසිදු බදු සහනයක් ලබා නොදෙන්නැ යි ගායන ශිල්පී සුනිල් පෙරේරා මහතා ආණ්ඩුවට යෝජනා කරනවා.

දේශපාලනඥයන්ට දැනට ලබාදී ඇති වෙනත් අනවශ්‍ය වරප‍්‍රසාද ද සීමා කළයුතු බවයි ඔහු කියාසිටියේ. නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේදී අවධානය යොමුකළ යුතු ක්‍ෂේත‍්‍ර පිළිබද කොළඹ ඊයේ (16) පැවති විවෘත සංවාදයකදී මෙම අදහස් පළ වුණා.

දේශපාලනඥයන් සදහා අවශ්‍ය කිසියම් සුදුසුකම් මාලාවක්ද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කළයුතු බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. ඒ අනුව ඔහු වැඩි දුරටත් පැවසුවේ "ක්‍රිකට් ගැහුවයි කියලා එයාව පාර්ලිමේන්තුව

ට යවලා හරියනවද?, 

සිංදු කිව්වයි කියලා එයාව පාර්ලිමේන්තු යවලා හරියනවද?." යනුවෙනි. අධ්‍යාපන තත්ත්වයේ යම්කිසි මට්ටමක් දේශපාලනයේ නිරත වෙන්නන් සඳහා නියම කිරීමේ අවශ්‍යතාවයක් තිබෙන බවද හෙතෙම සඳහන් කළා.

ඊයේ පැවති මෙම විවෘත සංවාදය විකල්ප ප‍්‍රතිපත්ති කේන්‍ද්‍රය විසින් සංවිධාන කර තිබුණා.
 
Related Posts with Thumbnails