Ads 468x60px

.

අම්මාගෙන් ලැබුණු රත්‍රං බඩු ගත්ත කෙනා ආපහු දුන්නොත් පිං - සනෝජා බිබිලේ


"අම්මගෙන් මටයි, අක්‌කටයි තෑගි ලැබුණ ලක්‍ෂ 35 ක රන් බඩු සොරාගත්තු කෙනාගෙන් ඉල්ලන්නේ අපිට ඒවා දෙන්න කියලයි. ඒවා අපිට අම්මා මතක්‌ වෙන්න තියෙන රත්තරං බඩු..." යෑයි ජනප්‍රිය රංගන ශිල්පිනී සනෝජා බිබිලේ මහත්මිය පවසනවා.

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා සළුවඩන මහත්මියට අවසන් ගෞරව දැක්‌වීම සඳහා බොරලැස්‌ගමුව මල් ශාලාව වෙත ගිය අවස්‌ථාවේ සනෝජා බිබිලේ මහත්මියගේ මෝටර් රථයේ තබා තිබූ රුපියල් ලක්‍ෂ

35 කට අධික වටිනාකමින් යුත් රන් භාණ්‌ඩ, ජංගම දුරකථන සහ මුදල් කිසිවකු විසින් සොරාගෙන යැම සම්බන්ධයෙන් ඈ එසේ කීවාය.

සනෝජා බිබිලේ මහත්මිය වැඩිදුරටත් මෙසේ ද කීවාය.

"මේ රත්තරං බඩු අතර හවඩියකුත් තියෙනවා. මේවා අක්‌කටයි මටයි අම්මාගෙන් තෑගි ලැබුණු ඒවා. අක්‌ක ඉන්නේ වත්තල. සහෝදර රංගන ශිල්පී දමිතා අක්‌කට අවසන් ගෞරව දක්‌වන්න ගිය වෙලාවේ තමයි මේ දේ වුණේ. මේ රන් බඩු ගත්ත කෙනෙක්‌ ඉන්නව නම් අපිට දෙන්න. ලොකු දෙයක්‌. ගෙදර රත්තරන් බඩු සොරකම් කරයි කියන බයටයි අපි මේක අරගෙන ආවේ."
 
Related Posts with Thumbnails