Ads 468x60px

.

ජනාධිපති එන මග සිටි පිස්තෝලකරුගේ ඇත්ත කතාව.


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (16) දිවයිනට පැමිණෙන අවස්ථාවේ දී ප්‍රභූ පර්යන්තය අසළ පිස්තෝලයක් සමග රැඳී සිටි අයකු
අත්අඩංගුවට ගත් බවට පළ වන වාර්තා අසත්‍ය බව සිවිල් ගුවන්සේවා අධිකාරිය පවසනවා.

එහි සභාපති ආනන්ද විමලසේන මහතා සඳහන් කළේ සාමාන්‍ය පරිදි ආරක්ෂක තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා මෙවැනි පරික්ෂා කිරීම් සිදුවන බවයි. මෙම පුද්ගලයා අධිකාරියේම  නිලධාරියෙකු බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ ආකාරයෙන් ගුවන් තොටුපොළ තුළ සිය නිලධාරීන් විවිධාකාරයෙන් යොදවා ආරක්ෂක තත්ත්වය පරීක්ෂා කිරීමේ වැඩසටහන් කි‍්‍රයාත්මක කරනවා.

ඒ අනුව අද පෙරවරු 9.00ට පමණ මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයක් සිය පාදයේ සඟවා ගත් සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිිලධාරියෙකු ගුවන් තොටුපොළ මගී පර්යන්තය හරහා ගමන් කළා.

ඔහු පිළිබඳ සැක පහළ කළ ගුවන් තොටුපොළ ආරක්ෂක අංශ නිලධාරීන් විසින් අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගනු ලැබුවා.

එම අවස්ථාවේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සිය ඉතාලි සංචාරය නිමවා දිවයිනට පැමිණ ගුවන් තොටුපොළ මගී පර්යන්තය හරහා පිටතට පැමිණෙමින් සිටියා.

එම අවස්ථාවේ අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා පිළිබඳ වැරදි ප‍්‍රවෘත්ති මාධ්‍ය කිහිපයක පළ වුණා.
 
Related Posts with Thumbnails