Ads 468x60px

.

කොත්තුවක් විසවී පාසල් සිසුවෙකු මියයයි....


අවන්හලකින් මිලදීගත් කොත්තු රොටියක් රාත්‍රි ආහාරයට ගෙන නිදාගත් 18 හැවිරිදි පාසල් සිසුවකු 17 වැනිදා රාත්‍රියේ මියගොස් ඇතැයි ඌරගස්මංහන්දියෙන් වාර්තා වනවා.

එසේ මියගොස් ඇත්තේ ඌරගස්මංහන්දිය පොලිසියේ සැරයන් වරයකුගේ පුතකු වන දැහැමි අයේෂාන් පතිරාජ නමැති සිසුවෙකි.


මේ සිසුවාගේ වැඩිමහල් සොහොයුරා විසින් නගරයෙන් ගෙනෙන ලද කොත්තු රොටියක් රාත්‍රි ආහාරයට ගැනීමෙන් පසු සුපුරුදු පරිදි දෛනික පාඩම් කටයුතුවලින් පසු ඔහු නින්දට ගොස් ඇති අතර ඊට පැය

කිහිපයකට පසු නින්දේදීම සිසුවා මරණයට පත්වී ඇත.

කොත්තු රොටිය ආහාරයට ගැනීමෙන් නිවෙසේ කාමරයක තනිව නිදා සිටි සිසුවා පසුදා අවදි නොවීම නිසා මව ඔහු ගැන සොයා බැලීමේදී ඔහුගේ සිරුර ගල් ගැසී සීතල වී තිබීම ගැන කෑමොර ගසා ඇත. 


එම අවස්තාවේ  අසල්වැසියන් පැමිණ ඔහු ඌරගස්මංහන්දිය දිසා රෝහලට රැගෙන ගොස් ඇති නමුත් වෛද්‍යවරු පවසා ඇත්තේ ඒ වන විටත් ඔහු මියගොස් සිටි බවයි.

කඩයකින් ගෙනෙන ලද කොත්තු රොටිවල ඊස්ට් හා රසකාරක අධිකව තිබීමෙන් ආමාශයේ තැන්පත්ව තිබූ එම ආහාරවල යුෂ පෙණහලූවල රැඳීමෙන් මේ මරණය සිදුව ඇති බව බව වෛද්‍ය පරීක්ෂණයේදී හෙළිව ඇත. 


රාත්‍රි ආහාර වේලේ ආමාශික යුෂ පෙණහලූවලට ගමන් කිරීමෙන් ඇතිවූ ආසාධිත තත්ත්වයක් මේ මරණයට හේතුවී ඇති බව වැඩිදුරටත් දැක්වේ.

මේ සිසුවා කරන්දෙ‚ය මධ්‍ය මහා විද්‍යාලයේ වොලිබෝල් කණ්ඩායමේ හා මළළ ක්‍රීඩා ඉසව්වලදී පාසලේ දක්ෂතම ක්‍රීඩකයකු බවත් ඔහු උසස් පෙළ වා‚ජ අංශයෙන් ලබන වසරේ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි බවත් වාර්තා වුණා.

මේ සිසුවාගේ මවුපියන් වන ඩී.ජී. ශි්‍රයා (43) පොලිස් සැරයන් නිහාල් පතිරාජ (43) පැවැසුවේ පිරිමි දරුවන් තිදෙනකුගෙන් යුත් පවුලේ දෙවැනි දරුවා වූ අයේෂාන් මෙම අවාසනාවන්ත තත්ත්වයට ගොදුරු වී ඇති බවයි.

කොත්තු රොටි ලංකාාවට ආවේනික ජනප්‍රිය ආහාරයක් වුවත් පවතින ඉල්ලූම නිසා ප්‍රමිතියක් නැතිව කොත්තු රොටි නිෂ්පාදනය සිදුවන බවත් එයට නිසි ක්‍රමවේදයක් සකස් කරන ලෙසත් විවිධ අවස්ථාවල සෞඛ්‍ය අංශ දැනුවත් කර තිබේ.



 
Related Posts with Thumbnails