Ads 468x60px

.

පෞද්ගලික අංශයේ අවම වැටුප අනුමතයි...


පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා වන මාසික අවම වැටුප රුපියල් 10,000 ක් වන පරිදි නීති කෙටුම්පත් සකස් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. රජය මෙම තීරණයට එළඹ ඇත්තේ ජාතික
කම්කරු උපදේශක සභාව සහ විවිධ වෘත්තීය සමිතිවල ඉල්ලීම් සැලකිල්ලට ගනිමිනි.

දැනට පවතින අවම වැටුම, ඒකපුද්ගල මාසික අවම දරිද්‍රතා ඉම (Poverty line) වන රුපියල් 4,000 සීමාව සැලකිල්ලට ගැනීමෙන් තීරණය වී ඇත.

එහෙත් වර්තමාන අවශ්‍යතා සැලකිල්ලට ගෙන පෞද්ගලික අංශයේ සේවකයින්ගේ අවම මාසික වැටුප රුපියල් 10,000 ක් විය යුතු බව රජය තීරණය කර තිබේ.
 
Related Posts with Thumbnails