Ads 468x60px

.

කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - සසනිකාගේ අලුත්ම කතාව


ඉකුත් මැතිවරණ ප‍‍්‍රචාරක කාල සීමාවේදී සියළු රූපවාහිනී නාලිකාවල විකාශණය වූ වෙළෙඳ දැන්වීමක සිටි තරුණියක් පිළිබඳ සමාජ වෙබ් අඩවි තුලින් වැඩි කතාබහක් ඇති වුණා.

එ් අනුව රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති කර පංචවිධ ක්‍රියාවලිය යටතේ කාර් එකක් ගන්නැයි මහ වැස්සේ තෙමීගෙන ගෙට ගොඩ වූ තරුණිය වූ
සාසනිකා ජයලත් නම් ඇය සම්බන්ධයෙන් බොහෝ පුවත් විවිධ වෙබ් අඩවි තුලින් වාර්තා කළා.

සසනිකා මේ සම්බන්ධයෙන් සිය අලුත්ම අදහස දක්වමින් කියා සිටින්නේ කෙදිනක හෝ එජාප ආණ්ඩුවක් පැමිණි විට මෝටර් රථයක් ලබා ගත හැකි බව තමා පැවසුවේ නැති බවයි.

"යූ.ඇන්.පී. ආණ්ඩුවක් ආවට පස්සේ කාර් එකක් ගන්න පුළුවන් කියලා මං කිව්වෙ නෑ. මේ ඇඩ් එකේ කිසිම තැනක මං කියන්නේ නෑ යූ.ඇන්. පී. ආණ්ඩුවක් ආවම කාර් එකක් ගන්න පුළුවන් කියලා. 

මම කියන්නේ රාජ්‍ය සේවය තෘප්තිමත් කරනවා, පුරවැසියාගේ ජීවන මට්ටම ඉහළ නංවනවා. එතකොට අපිට කාර් එකක් ගන්න පුළුවන් කියලා." යනුවෙන් ඇයගේ අලුත්ම නිර්වචනයේ දැක්වෙනවා.

" ඒත් මං හිතනවා කාර් එකක් ගන්න පුළුවන් කියලා. රාජ්‍ය සේවයේ 10,000 කින් පඩි වැඩි වුණා. අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු වුණා. ගිය ආණ්ඩුව කාලේ ඇත්තටම මිනිසුන්ට කන්න බොන්න බැරි තත්ත්වයක් තිබුණේ. ඒ නිසා මේ තරම් පහර ගහන්න හේතුවක් නෑ. 

යූ.ඇන්.පී. ආණ්ඩුවක් යටතේ බැරිද කියන එක මේ අය වැයෙන් කියන්න බෑ.මම කියන්නේ ජීවන තත්ත්වය ඉහළ ගියාම වාහනයක් වුණත් ගන්න පුළුවන්. රටක් විදියට ආර්ථික ප‍‍්‍රතිපත්ති දිහා දුර දක්නා නුවණකින් බලන්න  ඕන.

මට වාහනයක් තියෙනවා. මං පොඩි කාලේ ඉදලා අපිට වාහන තිබුණා. සාමාන්‍යයෙන් රජයේ සේවකයෝ ගන්නේ ඇල්ටෝ, මරුටි වගේ වාහනනේ. මේ දවස්වල වැඩිවුණා කියන්නේ ඒ වාහනනේ. මං දැක්කා ජනවාරි මාසයෙන් පස්සේ ගොඩක් රජයේ සේවකයෝ වාහන ගත්තා. හැබැයි ඉතින් මං හිතනවා මේක වාහන ගැනම කතා කරන්න ඕන වෙලාවක් නෙවෙයි.

මම ඒ වෙලාවේ ඇඩ්වටිස්මන්ට් එකක රගපෑවා විතරක් නෙවෙයි. මම යූ.ඇන්.පී. එක වෙනුවෙන් පෙනී සිටියා. මම එක්සත් ජාතික පක්ෂයේ ප‍‍්‍රධානම තරුණ සංවිධානය වන යොවුන් පෙරමුණේ ප‍‍්‍රධාන විධායක කාරක සභාවේ සමාජිකාවක්. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී සමාජ ජාල කැම්පේන් එක මෙහෙයවන්න වුණේ මට." යනුවෙන්ද ඇය පවසා සිටියා.



12032114_691189984316012_7306288113914064399_n 12193579_704164919685185_6678438122448722610_n 12195983_10205048168068187_5770920686960031156_n 12301705_712660308835646_4735676769022830397_n11053409_10204450474006209_93161286940576417_n10574366_10202592197790465_5707364097103114684_n 10593198_10202551984865167_797293128904209077_n 10646801_10202592582120073_757271578917571642_n
 
Related Posts with Thumbnails