Ads 468x60px

.

ෆේස්බුක් නිර්මාතෘට දියණියක් – දුවගේ නම මැක්ස්


ලොව පුරා වෙසෙන කෝටි සංඛ්‍යාත තරුණ තරුණියන් පිරිසකගේ ජනප්‍රියම සමාජජාල වෙබ් අඩවියක් වන Facebook හි නිර්මාතෘ Mark Zuckerberg පිය පදවිය ලබා තිබෙනවා. ගැහැණු දරුවෙකු මෙලෙස
උපත ලබා ඇති අතර ඇයට නම තබා ඇත්තේ Max ලෙසයි.

ඇයගේ බිරිඳ වන වෛද්‍ය Priscilla Chan චෑන් මීට සතියකට පමණ ඉහතදී මෙම දරු උපත සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. කෙසේ වෙතත් මෙම දරු උපත ගැන නිල වශයෙන් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මීට පැය කිහිපයකට පෙරාතුවයි.

මේවන විට 31 හැවිරිදි වියේ පසුවන බිලියනපතියෙකු වන Mark Zuckerberg හා 30 හැවිරිදි ඔහුගේ බිරිඳ Facebook සමාජජාල වෙබ් අඩවියේ කොටස් වලින් ලැබෙන ආදායමින් සියයට 99ක් දියණියගේත් ළමුන් වෙනුවෙන් සමාජ සේවා කටයුතු සඳහාත් යෙදවීමට තීරණය කර තිබෙනවා.

මේ බව සඳහන් කරමින් ඔවුන් දෙපළ සිය දියණිය වෙත ලිපියක් ද ලියා තිබීම විශේෂත්වයක්.ලොවපුරා වෙසෙන කුඩා ළමුන්ගේ හෙට දිනය වෙනුවෙන් ඔවුන්ට සමාන අයිතිවාසිකම් ලැබීම සඳහා මෙම මුදල් යොදවන බවයි ෆේස්බුක් අඩවියේ නිර්මාතෘවරයාත් ඇයගේ බිරිඳත් පවසා ඇත්තේ.

ඒ අනූව ඔවුන් විසින් පදනමක් ද ඒ සඳහා පිහිටුවාගෙන ඇති අතර එය Chan Zuckerberg ලෙස නම් කර තිබෙනවා.

Mark Zuckerberg සිය රාජකාරී කටයුතු වලින් තාවකාලිකව ඉවත්වන බව පවසා තිබුණේද සිය බිරිඳගේ දරු උපත නිසාය. ඒ අනූව ඔහු මාස 2ක නිවාඩුවක් දමා බිරියත් පවුලට එක්වූ අලුත් සාමාජිකයාත් සමග සතුටින් සිටින බව විදෙස් වාර්තා පවසනවා.
 
Related Posts with Thumbnails