Ads 468x60px

.

ලංකාවේ වැඩිම වියදමක් දැරූ සංගීත වීඩියෝව ඉරාජ්ගෙන්!


ලංකාවේ එදා මෙදා තුර වැඩිම වියදමක් දරා නිෂ්පාදනය කළ සංගීත වීඩියෝව එලි දැක්වීමට නව පරපුර ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්න විසින් සූදානම් වනවා. කෝටි එකහමාරක් වියදම් කොට තැනූ එම වීඩියෝව
එළඹෙන 10 වනදා නිකුත් කිරීමට නියමිතයි.

මෙම ගීතයේ විශේෂත්වය වන්නේ බිල්බෝඩ් දර්ශකයේ ගීත පළවූ ඇමෙරිකාවේ ප්‍රසිද්ධ ගායකයෙක් වන ෂෝන් කිංග්ස්ටන් ගායනයෙන් එකතු වීමයි. ෂෝන් කිංග්ස්ටන්ට අමතරව ඉන්දියාවේ  සුප්‍රකට ගායිකා සෝනු කක්කාර්ද ගායනයෙන් එකතුවී තිබේ.

මෙම ගීතය තවත් භාෂා තුනකින් ඉන්දියාව, බංගලාදේශය, නේපාලය යන රටවලදී එළිදැක්වීමට නියමිතයි. අප කළ විමසීමකදී ඉරාජ් වීරරත්න අප වෙත පවසා සිටියේ ලංකාවේ සංගීතය හා සංගීත වීඩියෝ කෙරෙහි ලෝකයේ අවධානය ලබාගැනීමටත් ලංකාවේ මියුසික් වීඩියෝ කලාව ඉදිරියට ගෙන යාමට ශක්තියක් වීම සඳහාත් මෙවන් විශාල මුල්‍ය පිරිවැයක් දරා මියුසික් වීඩියෝවක් නිර්මාණයට පෙළඹුණු බවයි.

එම ගීතයේ පූර්ව ප්‍රචාරක පටය බලන්න පහතින්

 
Related Posts with Thumbnails