Ads 468x60px

.

ගායකයා ගැන කිව්ව දේට මට දැන් ඉන්ටර්නෙට් එකේ මඩ ගහනවා - ජනපති


ලතින් ඇමරිකානු ගායක එන්රිකේ ප්‍රසංගයේ තනපට විසිකිරීම ගැන ජනපති මෛත්‍රිපාල සිරිසේන සිදු කළ ප්‍රකාශය ගැන නැවතත් ඔහුටම කතා කරන්නට සිදුව තිබේ. 

කොළඹ පැවති සම්මාන උත්සවයකට එක්වෙමින් ජනපතිවරයා කියා සිටියේ තමා විසින් සිදුකළ ප්‍රකාශයට මේ වන විට අන්තර්ජාලය පුරා මඩ ප්‍රහාර එල්ල කරමින් සිටින බවත් අදාළ ප්‍රකාශයට තමාට මඩ ගැසූ
පමනින් තමාට කිසිදු දෙයක් සිදුනොවන බවත්, සිදුවන්නේ මෙරටේ සංස්කෘතිය හානියක් බවත්ය.

තමාට මඩ  ප්‍රහාර එල්ල කරනා පුද්ගලයින් ඉල්ලා සිටිනුයේ ඇඳුම් නැතිව පාරේ යන්නද යන්න තමන් ප්‍රශ්න කරන බවද ජනපති අවධාරණය කර සිටියේය. 


මෙම ක්‍රියා මගින් මෙරටේ සංස්කෘතිය කොයිතරම් නම් අඩු තක්සේරුවකට ලක්වෙනවාද යන්න තමන් විසින් අදාළ පුද්ගලයින්ගෙන් ප්‍රශ්න නගන බවද වැඩිදුරටත් ඔහු පැවසීය.

එහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ ජනාධිපතිවරයා මෙසේද කීය.

අන්තර් ජාලය හරහා මා පට්‌ට ගහනවා. පොඩි පට්‌ටම් කරන්න හදනවා. මා අඹරන්න හදනවා. මට දිගින් දිගටම පහර ගහනවා. එසේ කිරීමෙන් මාව අඹරන්න කාටවත් බැහැ. දේශීය සංස්‌කෘතිය මේ මගින් විනාශ වෙන්නේ යෑයිද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේය. 

බත්තරමුල්ල ''අපේ ගම'' පරිශ්‍රයේදී ඊයේ (29 දා) පැවැති ජාතික හස්‌තකර්මාන්ත සම්මාන ප්‍රදානෝත්සවයේදී ජනාධිපතිවරයා  මෙම අදහස්‌ පළ කළේය.

කොළඹ පැවැති සංගීත සංදර්ශනයක්‌ ගැන මා කතා කළා. ඒක අල්ල ගෙන මට දිගටම පහර දෙනවා. විජාතික සංස්‌කෘතිය වැළඳගත් අය මේ දේවල් කරනවා. මේ අය ඉල්ලන සංස්‌කෘතිය නිදහස කුමක්‌ද? ඇඳුම් නැතිව පාරේ යැමේ නිදහසද මේ ඉල්ලන්නේ?.

අලුත් ආණ්‌ඩුවක්‌ හැදුවේ අපේ දේවල් ආරක්‍ෂා කිරීමට. ප්‍රබුද්ධ දේශයක්‌ ගොඩනැගීමට. විජාතික සංස්‌කෘතිය වැළඳගත් අයට එය බාධාවක්‌ වනවා ඇති. ඒත් ඔවුන්ට නිරුවතින් පාරේ යන්න ඉඩ දෙන්න අපි සූදානම් නැහැ. අපේ සැකැස්‌ම හැදියාව හා හොඳ නරක අනුවයි මා වැඩ කරන්නේ.

මම වෙලේ, කුඹුරේ, පැලේ, කමතේ, නියරේ ගමේ ඇවිද්ද මිනිහෙක්‌. එහෙම හැදුණු වැඩුණු අපට මෙවැනි අශීලාචාර දේවල්වලට ඉඩ දෙන්න බැහැ. නිදහස දෙන විට නිරුවතින් පාරේ යැමේ නිදහස දෙන්න නොහැකි බව මේ අය අවබෝධ කර ගත යුතුයි යෑයිද ජනාධිපතිවරයා කීය.
 
Related Posts with Thumbnails