Ads 468x60px

.

සිංහලේ පච්චය මුලින්ම ගහපු නාමල් ගැන බිරිඳ කියන කතාව (PHOTOS)

"සිංහලේ "සංකල්පය පච්චයක් ලෙස ගහපු නාමල් බණ්ඩාර ඔබට මතක ඇති. නාමල්ගේ පච්චය සම්බන්ධයෙන් විවිද මත පළ වන අතරේ ඔහුගේ බිරිඳ මේ සම්බන්ධයෙන් ෆේස්බුක් වෙත තම අදහස් එක්කර තිබෙනවා.

සිංහලේ පච්චය කිසිම දේශපාලන අරමුනක් නිසාවෙන් සිතුවම් කරන ලද්දක් නොවන බවයි එහි සඳහන් වුණේ.

ඇය පළ කර තිබූ අදහසින් උපුටා ගත් කොටසක් පහතින් දැක්වෙනවා.

"සිංහලේ "සංකල්පය ගැන මටත් කතා කරන්න හිතුනා....මොකද මේ සංකල්පය මිනිස්සු අතරට ගෙන ගිය පුද්ගලයා ලෙස හඳුන්වන  නාමල්

බංඩාර මගේ ස්වාමි පුරුෂයා නිසාය .

ඉතා වගකීමෙන් කියන්න ඕනේ සිංහලේ පච්චය කිසිම දේශපාලන අරමුනක් නිසාවෙන් සිතුවම් කරන ලද්දක් නොවන බව.

"VONDIL TATTOO STUDIO යනු මගේ සහ මගේ සහෝදරයාගේ ආයතනයක් වන අතර එය විවෘත කල දින මේ පච්චය සිතුවම් කරේ අපේ සිංහල කමට තියෙන ආදරය නිසාවෙනි....නැතිව දේශපාලකයන්ට කඩේ යන්න නම් නෙවෙයි .

සමහරක් තමන්ගේ පහත් දේශපාලන අරමුනු මුදුන් පමුනුවා ගන්න විකාර කතා කියවනවා පිස්සුවෙන් වගේ.

මේක සිංහල රටක්... අපිට අපේ දරුවන්ට ඉතිරි වෙන්නෙ මෙච්චරයි.... අනිත් ජාතීන්ටත් අපි ආදරෙයි... ඒත් සිංහල කමට පණටත් වඩා ආදරෙයි...... ඒකයි සිංහලේ පච්චයේ අරමුණ.

දේශපාලනේට කඩේ යන බයියෝ මල විකාර කියෙව්වට මේ අපේ කම... අපේ කමට අපි පණ උනත් දෙනවා... අපේ කමට ආදරය කරන පිරිස මේ දෙස සුභ වාදීව දකින අතර අනිත් අතලොස්සක් පිරිස මේ දෙස අසුබ වාදීව දකීයි.

ඒ අතලොස්සක් පිරිසට" සිංහලේ" පටු දේශපාලන සංකල්පයකි.

බුද්ධි මට්ටම අඩු බාලාංශ පංතියේ ළමයින් පො ලේ... බෝත ලේ... බලු රා ලේ ...............වගේ විවිධ අර්ථයෙන් තොර දේවල් වලට සිංහලේ" ආදේශ කරමින් තමුන්ගේ බුද්ධි මට්ටමේ තරම ප්‍රදර්ශනය කරයි .


Capture 1509832_553543221474659_7228226126932442891_n 10177971_554084854753829_6495436292944798346_n 10641180_554084888087159_5980186042635592189_n 12342733_552792504883064_575440548266970117_n
 
Related Posts with Thumbnails