Ads 468x60px

.

ජයලලිතා මළ බව ඇපලෝ රෝහල කියයි.


ජයලලිතා ජයරාම් හිටපු මහ ඇමතිනිය (68) මියගොස් ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි. සඳුදා සවස ඇය මියගොස් ඇති බවට ඉන්දියාවේ පලවූ ප්‍රවෘත්ති වැරදි බව පසුව ඇපලෝ රෝහල දන්වා සිටි අතර දැන් එම රෝහල ම එය තහවුරු කර තිබේ. 

ඉරිදා රාත්‍රී ඇතිවූ හදිසි හෘදයාබාධයකින් අසාධ්‍යව පන අදිමින් සිටි ඇය සඳුදා ඉන්දියවේ වේලාවෙන් රාත්‍රී 11.30ට මියගිය බවත් ඇපලෝ
රෝහල් බලධාරීන් තහවුරු කරයි.

ඇය අසාධ්‍යව සිටිය දී  රෝහල අසළට පැමිණි දහස් ගණන් ආධාරකරුවන් පාලනය කර ගැනීමට 15,000ක පොලිස් බලඇණියක් ද කැඳවා තිබිණි. ඇයට ඉක්මන් සුව පතා ආධාරකරුවන් දෙවියන් යදිද්දී තවත් පිරිසක් පොලිස් මුරපොළට ප්‍රහාර එල්ල කර අලාභහානි කර තිබූ බව ද ඉන්දීය පොලිසිය කියයි.

තමිල්නාඩු ප්‍රාන්තයේ වෙළෙඳ ඇමැතිවරයා ලෙස කටයුතු කරන ඕ.පන්නීර්සෙල්වම් මීළඟ මහ ඇමැතිවරයා ලෙස නම්කැර තිබේ.
 
Related Posts with Thumbnails