Ads 468x60px

.

සනත් අයින් කල මල්ලිකා හේමාල්ට සෙට් වෙලා

නැගී එන නළුවෙකු හා නිරූපන ශිල්පියකු වන හේමාල් රණසිංහගේ මේ දිනවල ජීවන බර පැණ දරන්නේ නිළියක් හා ගුවන් සේවිකාවක වූ මල්ලිකා සිරිසේන බව වාර්තා වේ.
මොවුන් දෙදෙනාගේ පේ‍්‍රමය මේ දිනවල කාටත් හොර රහසේ ගලායන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් හෙළි විය.

දැන් එය තරමක් දුරදිග ගොස් ඇති බවත්, ස්වර්ණවාහිනීයේ ‘ඩාන්ස් ස්ටාර්ස් ඩාන්ස්’ වැඩසටහනට ගයාන්ට ඇදුම් ආයිතම් සපයන්නේ මල්ලිකාගේ පොකට්ටුවෙන් බවත් වාර්තා වේ.

‘ඩාන්ස් ස්ටාර්ස් ඩාන්ස්’ එක් වැඩසටහනක්  වෙනුවෙන්
ස්වර්ණවාහිනිය ගයාන්ට ගෙවන්නේ රුපියල් 15,000ක් පමණක් බවත්, එම වැඩසටහනට ගයාන්ට යන සෙසු වියදම් සියල්ල දරන්නේ මල්ලිකා බවත් වාර්තා වේ.

මල්ලිකාගේ මහගෙදර පිහිටා ඇත්තේ දෙහිවල බැවින් පසුගිය කාලයේ වැල්ලම් පිටියේ සිටි හේමාල් සිය නවාතන අත්හැර වැල්ලවත්තේ මෙරීන් ඩ‍්‍රයිව් වෙත පැමිණ ඇත්තේ මල්ලිකා සමඟ ඇසුරට පහසුවට බවද විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.

මල්ලිකා මාතර දිස්ති‍්‍රක් පාර්ලිමෙන්තු මන්තී‍්‍ර හා කි‍්‍රකට් කී‍්‍රඩක සනත් ජයසූරිය සමග සමීප ඇසුරක් පැවැත්වූ බව මීට පෙර වෙබ් අඩවි වල පල විය.

එම ඇසුර නිසා සනත්ගේ දෙවැනි විවාහයද දික්කසාද වීමට ආසන්නවූ බවද එම වාර්තා හෙලිකර තිබිණි.
 
Related Posts with Thumbnails