Ads 468x60px

.

විශේෂඥ වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස්‌ මහතා අභාවප්‍රාප්ත විය.

මිනිසුන් මිය ගිය විට ඔහුගේ හෝ ඇයගේ අගුණ  නොකියති. ඒ නිසා එම මුක්තියට යටවී  ජීවත්වනවුන් වැරදි කරති.  

ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ හිටපු ප්‍රධානී, ස්‌නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස්‌ මහතා  අභාවප්‍රාප්ත විය. 


එතුමා ජිවත්ව සිටි කාලයේ සිදු කල අකටයුතුකම් අප විසින් හෙළි කොට තිබෙන නිසා ඒ ගැන වැඩිදුර කතා නොකරමු. නමුත් එතුමා වැනි උගත් පුද්ගලයෙකු  මුදල් වලට ආචාර්ය උපාධි දීම නිසා අපගේ සමාජයේ  උගතුන්ට තිබු තැන හැල්ලු වූ බව කණගාටුවෙන් වුවද කිව යුතුය. 

පාසල් අධ්‍යාපනයේ පහ වසර දක්වා පමණක් ලබා තිබෙන මර්වින් සිල්වා වැනි  නූගතෙකුට ආචාර්ය පදවියක් ලබා දීම පසුපස සිටියේ   විශේෂඥ වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස්‌  ය. ඔහු නුගතෙකු බව දැන දැනත් ජනමාධ්‍ය  විසින් මර්වින් සිල්වාව හඳුන්වන්නේ ආචාර්ය මර්වින් වශයෙනි.  

ඔහුගේ ජඩ වැඩ ගැන කියන්නේ   ආචාර්ය මර්වින්  කල වැඩ වශයෙනි. එසේම  බොරු දොස්තරෙකු වන එලියන්ත වයිට් සුද්ද කලෙත් ඔහුගේ මගඩිය නිත්‍යානුකුලව කරගෙන යාමට පාර කැපුවෙත්  වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස්‌ විසිනි.  අද සිදුවන සමාජ දුෂණය සහ සමාජ පරිහානියට  බල ලෝභී අධ්‍යාපනයක් නැති දේශපාලන මැරයන්ට පමණක් ඇඟිල්ල දික් කොට පලක් නැත. 

මෙම සමාජ ක්‍රමය ඇති කරන්නට උගත් සමාජ තත්වයක් ඇති සිවිල්  බලයක් තිබෙන මිනිසුන්ද දායක වී තිබේ.   වඳුරන් දැලි පිහි තනියම අතට ගත්තේ නැත. ඒවා ටයි කොට පැළඳි උගත් මහත්තුරුන් විසින්  වඳුරන්ගේ අතට දෙන ලදී.   

වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස්‌  යන්නට ගියේය. ගීතාංජන මෙන්ඩිස්‌  ගියේ ඔහු වැනි උගතුන් විසින්ද දායක කිරීමට මුල් වූ විපරිත සමාජ ක්‍රමය මත අපට ජිවත් වීමට ඉඩ සලසමිනි. ඒ පිළිබඳව  ගීතාංජන මෙන්ඩිස්‌ ට සමාව දීමට අපිට නොහැක. 

- අමිල ගුණරත්න
 
Related Posts with Thumbnails