මරදාන, ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේ ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය බව කියන කාන්තාවන් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මැක්සි ප්‍රොක්ටර් පැවසුවේ මොවුන් වලස්මුල්ල, රාගම, හැටන් සහ පෑලියගොඩ ප්‍රදේශවල පදිංචිකාරියන් බවය. අත්අඩංගුවට ගත් පිරිස අතර අදාළ ගණිකා නිවාසයේ හිමිකාරිය ද වන බව පොලීසිය පවසයි.