Ads 468x60px

.

ස්වයංක්‍රීය ලිංගික උපකරණ හා ලිංගික උත්තේජන වර්ග පොලීසියට කොටුවූ හැටි (පින්තුර)


රුපියල් ලක්ෂ ගණන් වටිනා විදේශ රටවලින් ආනයන කරන ලද තහනම් ලිංගික උත්තේජන උපකරණ වර්ග, අධික මිල ඇති ‍රටවල විදේශ දුම්වැටි, තහනම් ඖෂධ විශාල තොගයක් පානදුර වලාන විශේෂ දූෂණ මර්දන ඒකකය මඟින් ඉකුත් 10 දා වටලා තිබෙන බව අප වෙත වාර්තා වෙනවා.

උපාය දූතයෙකු එම උපකරණ මිලදීගැනීමට ගිය අවස්ථාවේදී වලාන විශේෂ දූෂණ මර්ධන ඒකකය විසින් ලිංගික උත්තේජන උපකරණ අලෙවියට සූදානමින් සිටි පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර ස්වයංක්‍රීය ලිංගික උපකරණ, ලිංගික ක්‍රියාවලියට ගන්නා ජෙල් වර්ග, උත්තේජක පෙති, රටබීම බෝතල්

20ක්, දුම්වැටි තොගයක් ඇතුළත්ය. මේ ලිංගික උපකරණ සඳහා ඇනවුම් දුරකථන මඟින් ලබාගෙන තමාට අයත් මෝටර් රථයෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවලට බෙදා හැරීම දිගින් දිගමට සිදුකර තිබෙනවා.

එම උපකරණ වැඩි වශයෙන් අලෙවි කර ඇත්තේ කොළඹ ප්‍රදේශයේ ෆාමසි වලට බව වාර්තා වෙනවා. ඉතාමත් රහසිගතව කාලයක් තිස්සේ මේ ජාවාරමේ සැකකරු යෙදී
තිබෙනවා. තහනම් ලිංගික උත්තේජක දිවයිනට ගෙන්වීම හා අලෙවිය පිළිබඳව පුළුල් පරීක්ෂණ මේ වනවිට ආරම්භ කොට තිබෙනවා

ලිංගික උත්තේජන උපකරණ වල පින්තුර පහතින්.








 
Related Posts with Thumbnails