Ads 468x60px

.

පෙම්වතාගේ මතක බණ දවසේ ලිපියක් ලියා බෙල්ලේ වැල දා ගත් ශිෂ්‍යාව...

කොටදෙණියාව, වරාදල ප්‍රදේශයේ පාසල් සිසුවියක්‌ ගෙල වැළලාගෙන මියගොස්‌ තිබෙනවා. 16 වැනිදා අලුයම 1.00 ට පමණ තම නිවසේ ඉදිරිපස ඇති ගසක එල්ලී මෙලෙස සිය දිවි හානි කරගෙන ඇත්තේ පහළොස්‌ හැවිරිදි ශිෂ්‍යාවකි. මෙම සිසුවියට වැඩිමහල් සහෝදරයන් දෙදෙනකුද, බාල සහෝදරයෙක්‌ හා සහෝදරියක්‌ද ඇත. වැඩිමහල් සහෝදරයන් දෙදෙනා විවාහ වී වෙනම ජීවත්ව ඇත.

බාල සහෝදරයා සහ සහෝදරියත්, පියාත් සමග මියගිය සිසුවිය වරාදල නිවසේ ජීවත්ව ඇත. මෙම පවුලේ මව විදේශගතවී ඇත. නිවස ආසන්න යේ තරුණයෙකු සමග මෙම ශිෂ්‍යාව ප්‍රේම සම්බන්ධයක්‌ ඇති කරගෙන

සිට ඇත. එම තරුණයා මීට දින 7 කට ඉහතදී හදිසි අනතුරකට ලක්‌ව මියගොස්‌ තිබෙනවා.

එම තරුණයා මියගොස්‌ හත් දවසේ ධර්ම දේශනය දවසේ මෙම සිසුවිය මෙලෙස සිය දිවි හානි කරගෙන
තිබෙනවා. ඇය තම මව නොමැතිව නංගී සහ මල්ලීව රැක බලා ගනිමින් ඉතා කටුක ජීවිතයක්‌ ගත කළ බවත් ප්‍රේම සම්බන්ධය නිසා එය සුළු ප්‍රමාණයකින් යටපත් වූ බවත් තමා ආදරය කළ තරුණයාද තමන්ට අහිමි වී ඇති බවත් තමන්ද තම පෙම්වතා ගිය ලෝකයට යන බවත් සඳහන් කර ලිපියක්‌ ලියා සිසුවිය දිවි හානි කරගෙන තිබෙනවා. එම ලිපිය කොටදෙනියාව පොලිස්‌ භාරයට ගෙන තිබෙනවා.
 
Related Posts with Thumbnails