Ads 468x60px

.

බුදු පිළිමයක් උඩ නිරුවත් වුනු Playboy නිරූපිකාව


බුදු රුවට අගෞරව වන ආකාරයෙන් බුදු රුව මත සිට ගත් නිරුවත් ඡායාරූප එකතුවක් ලෝක ප්‍රකට වැඩිහිටියන්ට පමණක් වූ සඟරාවක් වන ප්ලේබෝයි සඟරාව විසින් නිකුත්කොට තිබෙනවා. 

නශියා ජැන්සන් නමැති නිරූපිකාවක් අඩ නිරුවත්ව බුදු පිළිමය උඩ සිටිමින් ඡායාරූප ගෙන ඇති අතර නිරුවත් ඡායාරූප නැරඹීම එහි සාමාජිකයන්ට පමණක් සීමා කොට තිබෙනවා.

බුදු රුවට නිගාදෙන අයුරින් එම ඡායාරූප ගෙන තිබුනේ පහත පරිද්දෙනි.


එහි තවත් පුවත් පහතින්

ජාත්‍යන්තර වශයෙන් ප්‍රකාශයට පත්කරන ප්ලේබෝයි නමැති සුප්‍රකට වැඩිහිටි ලිංගික සගරාවේ අන්තර්ජාල සංස්කරණයක පළකර ඇති බුද්ධ ප්‍රතිමාවක් අසළ සිට නිරුවත් නිරූපිකාවක් ලබාගත් ඡායාරූප එකතුවක් මේ වනවිට ආන්දෝලනයක් ඇතිකර තිඛෙනවා.

ජර්මානු ජාතික පොර්න් ස්ටාර් කෙනෙකු හා නිරූපිකාවක වන 22 හැවිරිදි නාසියා ජැන්සන් රන්වන් පැහැ බුද්ධ ප්‍රතිමාවක් ඉදිරියේ බිකිනි ඇඳුමින් හා සම්පූර්ණ නිරුවතින් ලබාගත් ඡායාරූප 50 ක් මෙම එකතුවට ඇතුළත්ය.


මෙම ඡායාරූප එකතුව අහම්බයකින් හෝ පුද්ගලික උවමනාවකට හෝ ලබාගත් ඒවා නොවන අතර ඒවා ප්‍රකට වෘත්තීය කැමරා ශිල්පියෙකු වන ජර්මානු ජාතික ජොයෙල් අල්වාරෙස් විසින් ව්‍යාපාරික චේතනාවෙන් ඇයව යොදවා බුදුපිළිමයක් අසළ සිටුවා ලබාගත් ෆොටෝ ෂූට් එකකි.


මෙම ඡායාරූප ඇමරිකාවේ ප්ලේබෝයි සමාගමට ඔවුන් විසින් අලෙවි කරනු ලැබීමෙන් පසු එම සමාගමට අයත් zප්ලේබෝයි ප්ලස් නමැති මුදල් ගෙවා නැරඹිය හැකි අන්තර්ජාල නිරුවත් ඡායාරූප ගැලරියක පසුගිය ජූලි මස අගදී පළකර තිඛෙනවා.


එම ගැලරි පිටුවේ මාතෘකාව ලෙස යොදා ඇත්තේ නාසියා ජැන්සන් ලිංගික පූජාසනයේ සිට යනුවෙනි.

රන්වන් පැහැ බුදු පිළිමයේ අත්ල මතට නැගුණ නාසියා තම බිකිනි ඇඳුම් ඒ මේ අත හරවමින් ලබාගත් ඡායාරූප මෙන්ම ඉන්පසුව සිය ඇඳුම් එකින් එක ගලවා විසි කර සම්පූර්ණ නිරුවත පෙන්වමින් ලබාගත් ඡායාරූප රැසක් මෙම එකතුවට ඇතුළත් කර ඇත. පුදුමය නම් සියල්ල සිදු කරන්නේ බුද්ධ ප්‍රතිමාව මත සිට වීමයි.

ඇමරිකාවේ කැලිෆෝනියා නුවර සිට පවත්වා යන ප්ලේබෝයි එන්ටර්ටේන්ට්මන්ට් ප්‍රකාශන සමාගම වසර 60 කට වඩා ඉතිහාසයක් ඇති සමාගමකි. වැඩිහිටියන්ගේ විනෝදාස්වාදය සඳහා ස`ගරා රූපවාහිනී නාලිකා ගුවන්විදුලි නාලිකා මෙන්ම අන්තර්ජාල ප්‍රකාශන ගණනාවක්ම

ඔවුන් එළිදක්වා ඇත්තේ එරට නීතියට අනුකූලවය. නමුත් කිසියම් ආගමකට අගෞරව කිරීම ඔවුනගේ නීති පද්ධතියෙන් බැහැර සංසිද්ධියකි.

ප්ලේබෝයි ප්ලස් අන්තර්ජාල පිටුවට පිවිසෙන කෙනෙකුට නාසියා ජැන්සන් බුද්ධ ප්‍රතිමාව අසළ නග්නව සිටින ඡායාරූප සාම්පල කිහිපයක් පමණක් දැකිය හැකි අතර මෙම ගැලරිය සම්පූර්ණව නැරඹීමට නම් එම වෙබ් අඩවියේ මුදල් ගෙවා ලියාපදිංචිය ලැබිය යුතුය.


මේ නිසා බුදුදහමට අගෞරව වන එම ඡායාරූප මේ දක්වා දැක ඇත්තේ ටික දෙනෙකි. තවම බොහෝදුර ගොස් නැත. නමුත් එම ඡායාරූප මුදල්ගෙවා නැරඹු ඇතැම් අයවලූන් ඒවායේ පිටපත් වෙනත් වෙබ් අඩවි හා ෆෝරම වෙත මුදාහැර ඇත. 


මේ නිසා නාසියා ජැන්සන් ලිංගික පූජාසනයේ සිට ඡායාරූප 50 එකතුව දැන් දැන් ඇතැම් වැඩිහිටි වෙබ් අඩවි ඔස්සේ නොමිලයේ නරඹන්නටද හැකිය.

මෙහි බරපතල කාරණාව වන්නේ ලිංගික ජවනිකාවලට හා නිරුවත් නිරූපණයට ප්‍රකටවූ පෝර්න් ස්ටාර් කෙනෙකු බුදුන් වහන්සේ නිරූපණය කරන පූජනීය ස්ථානයක් අගෞරවයට ලක්කර කෙළෙසීමයි. එම ඡායාරූප එකතුවෙන් කිහිපයක් පහත පරිදිය.

මෙම ඡායාරූප පළකිරීම සම්බන්ධව කිසිදු ආගමික සංවිධානයකින් මේ දක්වා නිල වශයෙන් කිසිදු විරෝධයක් දක්වා ඇති බවක් වාර්තා නොවේ. ඡායාරූපවල සිටින නාසියා ජැන්සන්ගේ ට්විටර් පිටුවෙහි පමණක් මේ සම්බන්ධව කිහිපදෙනෙකු විවේචන දක්වා ඇත.


ඔබටත් විරෝධය පළකරන්නට හැකි එම යොමුව මෙතැනින් https://twitter.com/nasia_jansen


 
 
Related Posts with Thumbnails