Ads 468x60px

.

අතුරුගිරියේ නීතිඥයා මැරූ විසි එක් හැවිරිදි තරුණිය අත්අඩංගුවේ...

දරා ගන්නට බැරි තරම් අමානුෂික ලිංගික හිංසන සිදුවීම නිසා නීතිඥවරයා මරා දැමූවා...

ඝාතනයට යොදා ගෙන ඇත්තේ මිටියක්...

අතුරුගිරියේ නිවසක පදිංචි වී සිටි මාතර ප්‍රදේශයේ නිතිඥවරයකු වන 65 හැවිරිදි විල්සන් ජයවර්ධන නැමැති අය ඝාතනයට ලක් වී ඇත්තේ එම නිවසේම සිටි ඔහුගේ තරුණ අනියම් බිරිඳ අතින් බවට මේ වනවිට අනාවරණය වී තිබේ.

මෙම පුද්ගලයාගෙන් දරා ගන්නට බැරි තරම් අමානුෂික ලිංගික හිංසන සිදුවීම නිසා
නීතිඥවරයා මරා දැමූ බව එම තරුණිය පොලිසියට පාපොච්චාරණය කර තිබේ...මෙම ඝාතනයට යොදා ගෙන ඇත්තේ මිටියකි.

එම මිටියේ ඇන ගලවන පැත්තෙන් නීතිඥවරයාගේ හිසට පහර දී ඝාතනය සිදුකළ බව එම තරුණිය වැඩිදුරටත් පවසා ඇත. එම සැකකාර තරුණිය ඊයේ පෙරවරුවේ දී අතුරුගිරිය පොලිසිය විසින් එම නිවසේදීම අත්අඩංගුවට ගෙන ඇත.

ඇය ගාල්ල,කරාපිටියේ පදිංචිකාරියකි. අතුරුගිරිය,හෝකන්දර (උතුර) ජයගත් මාවතේ අංක 299 /2H දරණ නිවසේ මෙම ඝාතනය සිදු වී තිබේ...මෙම නීතිඥවරයාට එරෙහිව ළමා අපචාර චෝදනා දෙකක් මීට කලකට පෙර එල්ල වී ඇති අතර ඔහු ජාතික ළමාරක්ෂක අධිකාරිය විසින් අත්අඩංගුවට ගෙන උසාවිය හමුවට පමුණුවා රිමාණ්ඩ් බන්ධනාගාරගත කර තිබේ.

වයස අවුරුදු 14 සහ 15 දැරියන් දෙදෙනෙක් අපචාරයට ලක් කළ බවට මෙහිදී චෝදනා එල්ල වී ඇති අතර එම අපරාධය සම්බන්ධයෙන් මෙම නීතිඥවරයා සමග එවකට ඔහුගේ අනියම් බිරිඳක් ද අත්අඩංගුවට ගෙන ඇත. ඒ එම අපචාරයට අනුබල දුන්නැයි සැක පිටය.


මීට ස්වල්ප කලකට පෙර මෙම නීතිඥවරයා ගාල්ල,කරාපිටියේ වාසය කළ මෙම 21 හැවිරිදි තරුණිය සමග මෙම නිවසේ පදිංචියට පැමිණ ඇය සමග ජීවත් වන්නට පටන් ගෙන ඇත. මෙම නිවසේ මොවුන් දෙදෙනා ඉතා හුදකලා ජීවිතයක් ගෙවා ඇති බව මූලික විමර්ෂණවල දී පෙනී ගොස් තිබේ.

මොහුගේ පිරිමි දරුවන් දෙදෙනකු දෙහිවල පදිංචි වී සිටින බවත් විවාහක බිරිඳගෙන් වෙන් වී ජීවත් වී ඇති බවත් කියති. නිවස ඉදිරිපස දොර උළුවස්ස ඉදිරිපිට මෙම ඝාතනය සිදු වී තිබේ.

ඒ පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි. එකී සම්පූර්ණ නිවේදනය මෙපරිදිය.

අතුරුගිරිය පොලිස් වසමේ ජයගත් මාවත ප‍්‍රදේශයේ නිවසක පුද්ගලයකු මරා දමා සිටියදි සොයා ගත්තා
. මුලින්ම මොහුගේ වයස අවුරුදු 45ක් බව සදහන් වුවද ඔහු වයස අවුරුදු 68ක අයකු බවට තහවුරු වී තිබෙනවා. ඔහු ඉපදි ඇත්තේ 1944 වර්ෂයේය. නමින් වින්සන් ජයවර්ධන වන අතර මාතර ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු ලෙස සිට ඇත. එමෙන්ම නීතිඥයෙකි.

දැනට ටික කලකට පෙර මොහු සතුව මාතර ප‍්‍රදේයේ නිවසක් තිබි ඇති අතර එය විකුණා ඇත. එමෙන්ම මොහු බිරිද සමග එකට ජිවත් නොවන අතර අවුරුදු 29 සහ අවුරුදු 25ක් වයසැති පුතුන් දෙදෙනෙකු සිටියි.
දැනට මාස 3කට පමණ පෙර ගාල්ල ප‍්‍රදේශයේ පදිංචි තරුණියක සමග ඉහත ලිපිනයට පැමිණ අදාළ නිවසේ එකට වාසය කර ඇත.

එම තරුණිය වයස අවුරුදු 21ක් වන අතර 1991 වර්ෂයේ උපන් තැනැත්තියකි.මෙම තරුණිය සමග මොහු නිතර දබර කරගෙන ඇති අතර ඊයේ රාත‍්‍රියේද ඇති වු එවැනි සිද්ධියකදි නිවසේ උඩුමහලේදි මෙම පුද්ගලයාට පහරදීමක් සිදුකර පහලට තල්ලූ කර ඇති බව මේ දක්වා කර ඇති විමර්ශනයේදි අනාවරණය වී ඇත.

මරණකරුට පහරදුන් මිටියක්ද සොයා ගෙන ඇත. අදාළ තරුණිය මේ පිළිබඳව පාපොච්චාරණයක් කර ඇති අතර එම විමර්ශනයේදි හෙළි වු කරුණු මත අත්අඩංගුවට ගෙන ඇත.

මෙම අපරාධයට ඇය සම්බන්ධ බවට කරුණු අනාවරණය වුවද ඇයගේ සහයට තවත් යම් පුද්ගලයෙක් හවුල් වුවාද යන්න පිළිබදව විමර්ශන පැවැත්වේ.

මරණකරු සහ මෙම තරුණිය අතර වු ආරවුල හා අමනාපය මත මෙම අපරාධය සිදු වී ඇත. කඩුවෙල මහේස්ත‍්‍රාත්වරිය විසින් මහේස්ත‍්‍රාත් පරික්ෂණය පවත්වා ඇති අතර කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී විසින් පශ්චාත් මරණ පරික්ෂණයක් පැවැත්වීමට නියමිතය.
 
Related Posts with Thumbnails