Ads 468x60px

.

ජපානයේ ඇඟලුම් ක්ෂේත්‍රයේ රැකියා ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ට

ශ්‍රී ලංකාවට මෙතෙක් විවෘත නොවූ ජපානයේ ඇඟලුම් ක්ෂේත්‍රයේ රැකියා ලබන වසරේ සිට මෙරට තරුණ තරුණියන්ට හිමිවන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. ජපානයේ කර්මාන්ත ශාලා ප්‍රධානීන් කිහිපදෙනෙකු සමඟ පසුගියදා පැවති සාකච්ඡා වලදි මෙම එකඟතාවයට පැමිණි බව එම කාර්යාංශයේ සභාපති කිංස්ලි රණවක මහතා සඳහන් කළේය.


විශේෂයෙන්ම ඇඟලුම් ක්ෂේත්‍රවලට අමතරව එරට කෘෂිකාර්මික ක්ෂේත්‍රය සහ මධ්‍ය පරිමාණ කර්මාන්ත ශාලාවල පුහුණු අභ්‍යාස ලාභීන් ලෙස ශ්‍රී ලාංකියින් බඳවා ගැනීමට ද අදාළ සාකච්ඡාවේ දී ඔවුන් එකඟ වූ බව රණවක මහතා කියා සිටියේය.
 
Related Posts with Thumbnails