Ads 468x60px

.

ඇප මත නිදහස්ව සිටි ලන්ඩනයේ විහාරාධිපති යලිත් රිමාන්ඞ්

දකුණු ලන්ඩනයේ ක්‍රොයිඩන් නගරයේ තේම්ස් බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති පහලගම සෝමරත්න හිමියන් 1977- 78 වසරේ සිදු කරන ලද ළමා අපචාර චෝදනාවක් සම්බන්ධයෙන් පසුගියදා අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස්ව සිටි අතර,

එම නඩුව අද (23) ලන්ඩන් නුවර ෆෙල්තම් මහේස්ත‍්‍රාත් උසාවියේ කැඳවූ අවස්ථාවේදී එම ඇපය අවලංගු කොට විහාරාධිපති හිමියන් ලබන සැප්තැම්බර් මස 26 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත‍්‍රාත්වරයා නියෝග කොට තිබේ.

ෆෙල්තම් මහේස්ත‍්‍රාත්වරයා මෙසේ විහාරාධිපති හිමියන්ගේ ඇප අවලංගු කිරීමට හේතු වී ඇත්තේ මෙම නඩුවේ පැමිණිලිකාරියට විහාරාධිපති හිමියන්ගේ දායකයන් විසින් එල්ල කරන ලද මරණ තර්ජන හේතුවෙනි. තේම්ස් බෞද්ධ විහාරයේ දායකයින්ගෙන් කොටසක් නීතිමය සීමාවන් ඉක්මවා යමින් විහාරාධිපති හිමියන් ආරක්‍ෂා කිරීම සඳහා ගෙන යන මුග්ධ වැඩපිළිවෙලේ ප‍්‍රතිඵලයක් වශයෙන් විහාරාධිපති හිමියන්ගේ ඇපය අහෝසි වී තිබේ.

මෙම දායක සභාවේ දායකයින් පහළගම සෝමරත්න හිමියන්ගේ සමාජ ශාසනික සේවාවන් අගය කරමින් උසාවියට ඉදිරිපත් කිරීම සඳහා පෙත්සමකට අත්සන් ගැනීම මේ වන විට ආරම්භ කර ඇති අතර, දායක සභාවේ එක් පුද්ගලයෙකු තමන්ට ලංකාවේ රජ පවුලේ අය සමග ඇති සම්බන්ධය උපයෝගී කර ගනිමින් ශ‍්‍රී ලංකාවේ ජනමාධ්‍යවල මෙම ප‍්‍රවෘත්තිය පළ වීම වැළැක්වීමට කටයුතු යොදා තිබේ.

මෙම අපචාර නඩුවේ පැමිණිලිකාරිය දැනට බි‍්‍රතාන්‍යයේ වෛiවරියක ලෙස සේවය කර අතර, ඇයගේ මෙම පැමිණිල්ල සඳහා තවත් සාක්ෂි සපයා දීමට ශ‍්‍රී ලාංකිකයන් කිහිප දෙනෙකු ස්වෙච්ඡුාවෙන් ඉදිරිපත් වී ඇති බව වාර්තා වන අතර, පහළගම සෝමරත්න හිමියන් එවකට ලන්ඩන් බෞද්ධ විහාරයෙන් අතිපූජ්‍ය හම්මැල්ලව ශ‍්‍රී සද්ධාතිස්ස හිමියන් විසින් නෙරපා හැරීමට තුඩු දුන් සිදුවීමේ සිට මේ දක්වා මෙම හිමියන්ට විරුද්ධව ඇති චෝදනා මෙම නඩු විභාගයේදී එළිදරව් වීමට බොහෝ දුරට ඉඩ ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.
 
Related Posts with Thumbnails