Ads 468x60px

.

අද්විතීය රංගධර ජෝ අබේවික‍්‍රම මැරුණාද? මැරුවාද?

ශ‍්‍රී ලංකා සිංහල සිනමාවේ අද්විතීය රංගධර ජෝ අබේවික‍්‍රම මහතාගේ මරණය පිළිබඳ විවිධ කටකතා මේ වන විට සිනමා ක්ෂේත‍්‍රය පුරා පැතිරෙමින් පවතින බව වාර්තාවේ.ජෝ අබේවික‍්‍රම මහතා පදිංචිව සිටි නුගේගොඩ පාගොඩ පාරේ දෙමහල් නිවසේ බිම් මහලේ ඔහුගේ පුතා සහ බිරිඳ පදිංචිව සිට ඇති අතර ඔවුන් සහ ජෝ අබේවික‍්‍රම මහතා අතර දීර්ඝ කාලයක සිට විශාල විරසකයක් පැවතී තිබේ.
 
ජෝ අබේවික‍්‍රම මහතා තම කෑම බීම පවා සපයාගෙන ඇත්තේ පිටතිනි. මෙසේ ගෙනන කෑම විවිධ අවස්ථාවලදී අතුරුදහන් වීම නිසා ජෝ අබේවික‍්‍රම මහතාට වේල් ගණන් නිරාහාරව සිටීමට සිදුවී ඇති අතර ඔහුගේ එකම පුතු හා ලේලිය ජෝ අබේවික‍්‍රම මහතාට විවිධ අවස්ථාවලදී විවිධ වද හිංසා පමුණුවා ඇති බව සිනමා ක්ෂේත‍්‍රයේ ප‍්‍රකට කරුණකි. ජෝ අබේවික‍්‍රම මහතා මිය යන තෙක් ඔහුගේ සැපදුක් බලා ඇති ඔහුගේ කලණ මිතුරා වන්නේ ‘තුන්මංහංදිය’ නිෂ්පාදක චිත‍්‍රා බාලසූරිය මහතාය.

ජෝ අබේවික‍්‍රම මහතා මිය ගිය දින ඔහුව කවර හෝ පුද්ගලයෙකු විසින් තල්ලූ කිරීම නිසා බිම වැටීමෙන් ඔහුගේ හිස පොළවේ ගැටීම නිසා ඇති වූ කම්පනයෙන් ඔහු මිය ගොස් ඇතත් ඒ බව කවර පුද්ගලයකුගේ හෝ බලපෑමෙන් මරණ පරීක්‍ෂණයේදී හෙළිදරව් වී නොමැත. මෙසේ මරණ පරීක්‍ෂණයේදී මේ බව හෙළි නොවීම සඳහා වෛද්‍යවරුන්ට උපදෙස් දී ඇත්තේ මේවන විට වත්මන් රජයට අසාහය ලෙස කඬේ යන පනාපුත‍්‍ර කුහුඹු පැණියෙකි. මෙම පනාපුත‍්‍ර කුහුඹු පැණියා වෛද්‍යවරුන්ට පවසා ඇත්තේ ජෝ අබේවික‍්‍රම මහතා ස්වභාවිකව මිය නොගිය බව පැතිරී ගියහොත් එය ඔහුගේ කීර්තියට කැලලක් විය හැකි බවයි. නමුත් ජෝ අබේවික‍්‍රම මහතාගේ ළඟම හිතමිතුරන් පවසන්නේ එවැනි දෙයක් සිදු වී ඇත්නම් එය සඟවාගෙන නොසිට ඊට වගකිවයුතු පුද්ගලයන්ට දඬුවම් කිරීම ජෝ අබේවික‍්‍රම මහතාට කළ හැකි හොඳම උපහාරය බවයි.    


මිය ගිය මිනිසුන් විසින් මියනොගිය මිනිසෙකු ඔසවා ගෙන ගිය වග....
 
Related Posts with Thumbnails