Ads 468x60px

.

බන්ධනාගාර රෝහලේ සිටි 'ජිනා මැඩම්' කළුතරට යවයි

කොල්ලුපිටිය සුපිරි වෙළෙඳ මධ්‍යස්‌ථානයක ගණිකා මඩමක්‌ පවත්වාගෙන ගිය බවට චෝදනා ලැබ වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි ජිනා මැඩම් නමැත්තිය කිසිදු රෝගයක්‌ නොමැතිව වැලිකඩ බන්ධනාගාර රෝහලේ රඳවා සිටියදී බන්ධනාගාර උසස්‌ නිලධාරියකුට හසු වී ඇත.

ඒ සම්බන්ධයෙන් විමසා බැලූ එම නිලධාරියා වහාම ජිනා මැඩම් නමැත්තිය කළුතර බන්ධනාගාරය වෙත 25 දා මාරු කිරීමට පියවර ගත් බව බන්ධනාගාර උසස්‌ නිලධාරියෙක්‌ පැවසීය.

වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශයේ 24 දා විදුලි සැර වැදීමෙන් තුවාල ලැබූ කාන්තාවන් තිදෙනකු වැලිකඩ බන්ධනාගාර රෝහලේ රඳවා සිටියදී ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට ගිය බන්ධනාගාර උසස්‌ නිලධාරියාට ජිනා මැඩම් නමැත්තිය ද රෝහලේ නේවාසිකව සිටින බව දැක ගැනීමට ලැබී තිබේ.

එහෙත් ඇයට රෝහලේදී ප්‍රතිකාර ලබාදීම හෝ ඒ සඳහා නිර්දේශ කිරීම සිදුවී නොමැති බව උසස්‌ නිලධාරියා විසින් සොයා බැලීමේදී හෙළි වීම නිසා ජිනා මැඩම් කළුතර බන්ධනාගාරයට මාරු කර යෑවීමට පියවර ගෙන තිබේ. 


රොස්මරී ජූඞ් පෙරේරා නොහොත් ජිනා මැඩම් වැලිකඩ කාන්තා අංශයේ රඳවාගෙන සිටියද ඇයගේ මුදල් බලයෙන් මෙතෙක් කල් සිටියේ කාන්තා අංශයේ ඉහල මාලයේ සියලු සැප පහසුකම් සහිත විශේෂ රෝහල් වාට්ටුවකය.

මෙම සුපිරි පහසුකම් භුක්ති විඳීමට ජිනා මැඩම් ඇත දිගහැර වියදම්කොට ඇත. රැඳී සිටි සුපිරි වාට්ටුව පිළිසකර කොට තීන්ත ආලේප කිරීම සඳහා ඇය රුපියල් ලක්ෂයක මුදලක් ලබා දී ඇත.

මෙයට අමතරව එහි සිටින බන්ධනාගාර නිලධාරීන්ට දිනපතා මුදල් හා මිල අධික මත්පැන් වලින් ජිනා මැඩම් සංග්‍රහ කොට ඇත.

විදුලි උපකරණ ඇදන් සහ සනීපාරක්ෂක පහසුකම් සහිත මෙම කාමරයේ රැඳී සිටින බොහෝ දෙනෙකු ජිනා මැඩම් වැනි කෝටිපති කාන්තාවන්ය.

මේ පිළිබඳව පසුගියදා ලැබුන පැමිණිල්ලකට අනුව බන්ද්ධනාගර විමර්ශන ඒකකයේ පිරිසක් වැටලීමට ආවද සුපිරි වාටුවේ සිටි බන්ධනාගාර නිලධාරිනියක් විසින් ඇයව සුපුරුදු ස්ථානයට යවා බේරාගෙන තිබුණි.

නැවතත් විමර්ශන ඒකකයේ නිලධාරින් ගිය විට ඇය සුපිරි වාට්ටුවටම ඇතුලත් කර තිබුන අතර පසුගිය 24 වනදා තෙක් ඇය සිටියේ සුපිරි පහසුකම් අත් විදිමින්ය.

නමුත් වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශයේ 24 දා විදුලි සැර වැදීමෙන් තුවාල ලැබූ කාන්තාවන් තිදෙනකු වැලිකඩ බන්ධනාගාර රෝහලේ රඳවා සිටියදී ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට ගිය බන්ධනාගාර උසස්‌ නිලධාරියෙකුට ජිනා මැඩම් නමැත්තිය ද කිසිදු රෝගයක් නොමැතිව රෝහලේ නේවාසිකව සිටින බව දැක ගැනීමට ලැබී තිබේ.

මේ පිලිබඳ වැඩි දුර සොයා බලු අදාළ නිලධාරියා ජිනා මැඩම් කළුතර බන්ධනාගාරය වෙත මාරුකර යවා තිබේ.

 
Related Posts with Thumbnails