Ads 468x60px

.

ලංකාවේ සදාහරිතයේ අවමංගල්‍යය ලංවේ

සිංහරාජය, සිරිපා අඩවිය, නාකියාදෙණිය, දෙදියගල, නකල්ස් යන රක්ෂිත අවට ඇති ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිසම් සභාවට අයත් ඉඩම් අදාළ රක්ෂිත භූමිවලට පවරාදෙන ලෙස PS/CS/26/2004 ගැසට් නිවේදනයෙන් නියෝග කර තිබේ.
එහෙත් එම නියෝගය නිසි අයුරින් ක‍්‍රියාත්මක නොවීම නිසා අදාළ භූමිවලින් 90%ක්ම තවමත් මිනිස් ක‍්‍රියාකාරකම් සඳහා යොදාගෙන ඇති බව පරිසර සංවිධාන එකමුතුව පවසයි.

කොමිසමට අයිති භූමි රක්ෂිතයන්ට පවරා නොදීම නිසා රක්ෂිතයන්ට අයත් ඉඩම් පවා හොර රහසේ අල්ලා ගැනීමට විවිධ පුද්ගලයන් කටයුතු කර ඇතැයි මෙම සංවිධානය පවසයි.සිංහරාජයට අයත් භුමියෙන් 61%ක් මේ වන විට අනාරක්‍ෂිත වී ඇති බවත් ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිසම් සභාවට අයිති සිරිපා අඩවියට පවරාදිය යුතු ඉඩම්වලින් 99%ක්ම අනාරක්‍ෂිත තත්ත්වයට පත් ව ඇති බවත් මෙම සංවිධානය වැඩිදුරටත් සඳහන් කරයි.
 
Related Posts with Thumbnails