Ads 468x60px

.

ප‍්‍රදේශවාසීන් දොම්පේ පොලිසිය වටලා ගිනි තබලා

දොම්පේ පොලිස් අත්අඩංගුවේදී තරුණයෙකු මියයාම හේතුවෙන් එම පොලිස් ස්ථානය ඉදිරිපිට මේ වන විට නොසන්සුන්කාරී වාතාවරණයක් ඇතිවී ඇතැයි වාර්තා වේ.මියගිය පුද්ගලයාගේ ඥාතීන් සහ ප‍්‍රදේශවාසීන් පිරිසක් පොලීසියට ගල්මුල් ප‍්‍රහාරයක්එල්ල කර ඇතැයි පැවසේ.

මියගිය තරුණයා පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ  ඊයේ (29) රාති‍්‍රයේදීය.මෙලෙස මියගොස් ඇත්තේ කටුලන්ද ප‍්‍රදේශයේ තරුණයෙක් වන අතර ඔහු පහරදීමකින් මියගොස් ඇතැයිපැවසේ.පොලිසිය පවසන්නේ මියගිය තරුණයා හදිසියේ රෝගාතුරවී රෝහලවෙත රැගෙන යන අතර වාරයේදී මිය ගිය බවයි.

මේ අතර, පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේ දොම්පේ පොලිසියේ දී තරුණයකු මිය යාමේ සිද්ධියක් වාර්තාවුවද ඊට වඩා යමක් නොදන්නා බවයි.ප‍්‍රදේශවාසීන් පාලනය කිරීමට කිරිඳිවැල පොලිසියේ නිලධාරීන් යොදවා ඇතැයිමේ අතර වාර්තා වේ.


මියයාම හේතුවෙන් කුපිතවූ ප‍්‍රදේවාසීන් දොම්පේ පොලිසියට ගිනි තබා ඇතැයි දැන් වාර්තා වේ.ඊට අමතරව,පොලිස් භූමියේ නවතා තිබූ මෝටර් රථ දහයකට පමණ ගිනිතබා ඇතැයිමේ අතර වාර්තා වේ.

මේවන විට අතිවිශාල ජනතාවක් දොම්පේ පොලිසිය වටකරගෙන සිටින අතර ගිනි නිවීමට පැමිණි ගිනිනිවන හමුදාවේ රථප‍්‍රදේශවාසීන් විසින් ආපසු හරවා යවා ඇතැයි පැවසේ.

පොලිස් පහරදීමක් හේතුවෙන් මියගිය පුද්ගලයා එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රාදේශීය දේශපාලඥයෙකුගේ පුතෙකු බවද ප‍්‍රදේශවාසිහු පවසති.මියගිය තරුණයා පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ  ඊයේ (29) රාති‍්‍රයේදීය.මෙලෙස මියගොස් ඇත්තේ කටුලන්ද ප‍්‍රදේශයේ තරුණයෙකි.

පොලිසිය පවසන්නේ අදාළ තරුණයා පොලිස් ජීප් රථයෙන් රැගෙන යමින් සිටියදී ඉන් ඉවතට පැණීම හේතුවෙන් ජීවිතක්‍ෂයට පත්වූ බවයි.කෙසේවුවද ප‍්‍රදේශවාසින් පාලනය කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබළුන් කැඳවා ඇතැයිපැවසේ.

 
Related Posts with Thumbnails