Ads 468x60px

.

ලංකාවෙන් පළමු මිනිත්තුව තුළ බිළිඳු දරුවන් 05 දෙනෙක් ලෝක ජනගහණය බිලියන 7ට එක්වෙයි

ලෝක ජනගහණය බිලියන 07 සම්පුර්ණ වීම ඊයේ මැදියම් රැයේදී සිදුවුණා. රාති‍්‍ර දොලහ පසුවී පළමු තත්ත්පරය තුළ උපදින දරුවා බිලියන 7 සම්පුර්ණ කරන්නා බැවින් ඔහු පිළිගැනීම සඳහා ලොව පුරා රටවල උත්සව සංවිධාන කර තිබුණා. එහි වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලැබුවේ එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදලයි.


‘‘බිලියන 07 ක ලෝකයේ එකිනෙකා කෙරෙහි සැලකිලිමත් බවින් අප එකට ජීවත් වෙමු.’’ සංකල්පය යටතේ එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදල ඒ වෙනුවෙන් වැඩසටහනක් කි‍්‍රයාත්මක කළා. ඒ අනුව ලොව පුරා සෑම රටකම ප‍්‍රධාන මාතෘ හා ළමා රෝහල් තුළ උපදින ප‍්‍රථම දරුවාට උපහාර පිදීමේ වැඩපිළිවෙලක් ද ඊට ඇතුළත්. මෙරට ඒ සඳහා තෝරා ගැනුණු ප‍්‍රධානතම රෝහල වූයේ කොළඹ කාසල් වීථියේ කාන්තා රෝහලයි. ඒ අනුව ඊයේ මැදියම් රැය පසුවී පළමු මිනිත්තුව තුළ කොළඹ කාසල් කාන්තා රෝහලේ බිළිඳු දරුවන් 05 දෙනෙකු මෙලොව එළිය දුටුවා.

කාසල් රෝහල සඳහන් කළේ ඊට ගැහැණු දරුවන් හා පිරිමි දරුවන් ද ඇතුළත් බවයි. සෞඛ්‍ය අමාත්‍ය මෛති‍්‍රපාල සිරිසේනගේ ප‍්‍රධානත්වයෙන් එම දරුවන්ට සහ අද අලූයම උපන් අනෙක් දරුවන්ට ද ත්‍යාග පිරිනැමීමේ උත්සවයක් අද (31) පෙරවැවේ එම රෝහලේදී පැවැත්වීමට නියමිතයි. ලෝක ජනගහනය බිලියන 07 ක සම්පුර්ණ කරන අද දිනය පිළිබඳව අදහස් දැක්වූ ජගත් මහ ලේකම් බෑන්කී මූන් ප‍්‍රකාශ කළේ විෂමතාවයකින් පිරි ලෝකය තුළ සහයෝගයෙන් ජීවත් වීමේ අභියෝගයට බිලියන 7 ඉක්ම වූ ලෝක ජනතාව මුහුණ දෙනු ඇති බවයි.

විශේෂයෙන් ලෝක ජනගහණය ඉහළ යෑමේදී දුප්පත්කමේ බෙදීම අවම කළ යුතු බව ඔහුගේ අදහස වුණා. ලෝක ජනගහණය බිලිනය 7 ක් දක්වා ඉහළ යෑම සිනහවට කරුණක් නොවන බවයි ජගත් මහ ලේකම්වරයා අවධාරණය කළේ. 1999 වසරේ ඔක්තෝබර් 12 වැනිදා ලෝක ජනගහණය බිලියන 6 ක් වූ අතර, එදින උපත ලැබූ බිලියන හයේ දරුවා නම් කිරීමක් ද සිදුවුණා. එහිදි බිලියනයේ දරුවා ලෙස නම් කෙරුණේ දුප්පත් පවුලක උපන් බොස්නියානු දරුවෙක්. විදෙස් ප‍්‍රවෘත්ති සේවා සඳහන් කළේ. වර්තමාන ලෝක ජනගහන වර්ධන වේගයට අනුව වසර 2100 දී ලෝක ජනගහනය බිලියන 10 එනම්, කෝටි දහස ඉක්මවනු ඇති.
 
Related Posts with Thumbnails