Ads 468x60px

.

‘ලොකු සීයා’ දේශපාලනඥයින් හා ප‍්‍රසිද්ධ ව්‍යාපාරිකයන් රැසකගේ නම් හෙළි කරලා

පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් පසුගියදා අත්අඩංගුවට ගනු ලැබූ රාගම දේවාලයේ ප‍්‍රධාන කපුවා වූ මොහොමඞ් නියාස් නොහොත් ‘ලොකු සීයා’ මේ වනවිට පාතාලයට හා මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ දේශ පාලනඥයින් හා ප‍්‍රසිද්ධ ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකුගේ නම් රැසක් හෙළිදරව් කර ඇතැයි පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප වෙත පැවසීය.


මොහු විසින් හෙළි කරන ලද තොරතුරුවලට අනුව ඉදිරි දින කිහිපය තුළදී දේශපාලනඥයින් සමග සබඳතා පවත්වන ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවද හෙතෙම සඳහන් කළේය. ඇමතිවරයෙකුගේ ප‍්‍රධාන ආධාරකරුවෙකු වන ‘ලොකු සීයා’ ගුරුකම් හා සෙත්ශාන්ති සිදු කරන දේවාලයක් පවත්වාගෙන යන මුවාවෙන් විශාල ප‍්‍රමාණයේ කුඩු ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් තිබේ.

කිසිදු ඇමතියෙකු බලපෑම් කළද ‘ලොකු සීයා’ රඳවා ගෙන සිටින ස්ථානයක් හෝ ඔහු පිළිබඳව කිසි තොරතුරක් කිසිවෙකුට ලබා නොදෙන ලෙස විශේෂ කාර්ය බලකායේ ප‍්‍රධානියාට දැනුම් දී ඇත. විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් ‘ලොකු සීයා’ රඳවා ගෙන ප‍්‍රශ්න කරමින් සිටින බව එම අමාත්‍යවරයා වෙත වාර්තා වී ඇතත්, ඔහු මේ සම්බන්ධයෙන් මෙතෙක් ඒ පිළිබඳව කාට හෝ දැනුම් දී නැති බව ඔහුගේ සම්බන්ධීකරණ නිලධාරියෙකු අප කළ විමසීමකදී පැවසීය.

පෑලියගොඩ ධීවර වෙළෙඳ සංකීර්ණයේ කප්පම් ගැනීමේ සිද්ධියේදීද එම අමාත්‍යවරයා සහ ආරක්‍ෂක අංශ  අතර බරපතල ගැටුමක් හට ගත් අතර, පසුව එය සමාදාන කරනු ලැබීය.
 
Related Posts with Thumbnails