Ads 468x60px

.

‘සේරා’ සමග උදයන්තිගේ අලුත් වැඩේ


ජනපි‍්‍රය නිළියක් වන උදයන්ති කුලතුංග ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය කිරීමට සුදානම් වන බව වාර්තා වේ.එම ටෙලිය ‘සේරා’ ලෙස නම් කර අති අතර එහි මංජුලකරුණාරත්න එය අධ්‍යක්‍ෂණය කිරීමට නියමිතය.සේරා හි පිටපත ලියා ඇත්තේ අජිත් මෙන්ඩිස් විසිනි.තුසිත ජිෙන්‍ද‍්‍රසිහ විසින් මෙහි කැමරාව මෙහෙයවන අතර, සංඛ දිනෙත් සංගීතයෙන් ද නාරද තොටගමුව වේශ නිරූපනයෙන් ද බනුර ජයමාල් කලා අධ්‍යක්‍ෂණයෙන් ද මේ සඳහා දායකවීමට නියමිතය.

මේනක රාජපක්‍ෂ, උදයන්ති කුලතුංග, මොරින් චාරුනී, ලසන්ත උඩුකුඹුර, උද්දික පේ‍්‍රමරත්න හා කීර්ති රංජිත් පීරිස් මෙහි සෙසු චරිත නිරූපනය කිරීමට නියමිතය.උදයන්ති, උසස් පෙළ හදාරනු ලැබුවේ අනුරාධපුර චේතිය මහා විද්‍යාලයෙනි.ඇගේ රංගන දිවියට දොරගුළු විවෘත වූයේ ‘ගම්පහ දිස්ති‍්‍රක් අවුරුදු කුමරිය’ තරගයෙන් ජය ගැනීමත් සමඟය.

නාලන් මෙන්ඩිස්ගේ ‘තරු කුමරි’ ටෙලි නාට්‍යයෙන් රංගනයට අත් පොත් තැබූ ඈ සරා, සයුරි, සවීණා, කප්සුවහස්කල්, මිලා හා අළු පාට හීන වැනි ටෙලිනාට්‍ය රංගන තුළින් පේ‍්‍රක්ෂකයන්ගේ ජනාදරයට පත්වූවාය.එසේම උදයන්ති දෙරණ රූපවාහිනියෙන් විකාශය වූ සරා’ ටෙලිනාට්‍යයේ සම්මානි’ චරිතයෙන් පේ‍්‍රක්ෂකයන් අතර වඩාත්ජනපි‍්‍රය වූවාය.

උදයන්තිගේ පියා පොලිස් නිලධාරියෙකු වන අතර ඔහු මේවන විට ජීවතුන් අතර නැත.‘සිතින් පේ‍්‍රම වඩනා’ ජනප‍්‍රිය ගීත රූප රචනය හේතුවෙන් ද උදයන්ති ජනපි‍්‍රය වූවාය.උදයන්ති සිනමාවට පිවිසියේ සිංහාවලෝකනය’ චිත‍්‍රපටයෙනි.මහින්දාගමනය චිත‍්‍රපටයෙන් තම රංගන හැකියාව මනාව පිළිබිඹු කළ උදයන්ති ඉදිරියේදී තිරගතවීමට නියමිත කලර්, සිනසුනා ආදරෙන් සහ භව සිද්ධාන්ත චිත‍්‍රපටවලද රඟයි.මේ අතරින් භව සිද්ධාන්ත චිත‍්‍රපටයේ උදයන්ති චරිත හතරක් නිරූපණය කරයි.
 
Related Posts with Thumbnails