Ads 468x60px

.

කැලණි ගඟේ මුහුණ විරූපී කළ මල සිරුර කරාටේ ධම්මිකගේ දැයි සැකයක් !

මුහුණ විරූපී කළ මල සිරුරක් කැලණි ගඟේ පාවෙනු දුටු බව කැලණි ගඟ අසබඩ පිරිසක් විසින් මුල්ලෙරියාව නවගමුව හා වැල්ලම්පිටිය පොලිසිවලට ඊයේ පස්වරුවේ දන්වා ඇත. එය දින ගණනාවකට පෙර අතුරුදන් වූ කරාටේ දම්මිකගේ දැයි සැකයක් පවතින බව ඔවුහු කියති.

එම මල සිරුරේ පිළිස්සුම් තුවාල තිබු බවද එම ප්‍රදේශවාසීන් පොලිසියට පවසා තිබේ.මේ සිරුර කරාටේ ධම්මිකගේම දැයි දැක හැර දැනගැනීම සදහාල එම මල සිරුර  ගොඩ ගැනීමට මුල්ලේරියාව පොලිසිය ගිය නමුත් එය සැඩ පහරට ගසාගෙන ගොස් ඇත.මළ සිරුර ගොඩගැනීම සඳහා නාවික හමුදාවේ සහය ද ලබා ගැනීමට පොලිසිය උත්සහ කල අතර  ඒ අනුව කැළණි ගඟ මුහුදට වැටෙන මෝදර ප‍්‍රදේශයේ දැලක් යොදා මළ සිරුර රඳවා ගැනීමට කටයුතු යොදා තිබේ.
 
Related Posts with Thumbnails