ආදරේට කතා කළේ ‘කුකී’ කියලා - නෙහාරා ගැන ඇගේ මව කියයි.

ටෙලි නිළියක්, නර්තන ශිල්පිනියක් හා නිවේදිකාවක් වන නෙහාරා පිරීස්වට කොට්ටයක් ළඟ නැත්නම් නින්ද යන්නේ නොයන බව ඇගේ මව වන නේෂාන්ති රම්මිකා පීරිස් කියයි.සතිපතා කලා පුවත්පතකට ඇය මේ බව පවසා තිබිණි.නෙහාරා පුංචි කාලේදි නිදි කරවලා ඇඳේ තියලා එයා ළඟ කොට්ටයක් තැබීම සිරිතක්ව තිබූ බවත් ඇය දිනෙන් දින වයසින් මුහුකුරා ගියද
ඇයට එමපුරුද්ද මගහැර ගැනීමට නොහැකිවීම නිසා නෙහාරාට කොට්ටයක් නැත්නම් නින්ද නොයන තරමටම එය පුරුද්දක්වූ බවඇය පවසන්නීය.

නෙහාරා ගැන සිය මව මෙසේද පවසා තිබිණි.නෙහාරාට පුංචි දවස්වල ආදරේට කතා කළේ ‘කුකී’ කියලා. දුවටනම දැම්මේ එයාගේ බාප්පාකුකී පුංචි කාලේ නිදා ගන්න කොට ‘බුසු බුසු’ ගාලා ඇඟිල්ල උරනවා. ඇත්තම කිව්වොත් එයා ඇඟිල්ල උර උර නිදා ගන්න හැටි මම බලාගෙන හිටියේ හරිම ආසාවෙන්. කොහොම වුණත් කුකීගේ ඇඟිලි ඉරීමේ පුරුද්ද නැති කරන්න අපිට විවිධ දේවල් කරන්න වුණා. බැරිම තැන ඇඟිල්ලේ කොහොඹත් ගෑවා. මොනවා කළත් දූ ඉස්කෝලේ එක වසරෙදිත් ඇඟිල්ල ඉරුවා.

කුකීට අවුරුදු දෙකහමාරක් වෙන කොට මම එයාව පෙර පාසල් දැම්මා. ඒ නිසා එයා තමයි පෙර පාසලේ හිටපු පුංචිම පැංචි. පුංචි පැංචි වුණාට කිසිම වැඩකදී පිටිපස්සට නම් යන්නේ නෑ. දැන් වගේම නෙහාරා පොඩි කාලෙත් නටන්න වගේම සිංදු කියන්නත් හරිම දක්ෂයි. පෙර පාසලේදී විතරක් නෙවෙයි, ඉස්කෝලෙදිත් නෙහාරා නැතිව විවිධ ප‍්‍රසංගයක් නම් කෙරෙන්නෙම නෑ.