Ads 468x60px

.

නාසා පාලනය යටතේ තිබු චන්ද්‍රිකා දෙකක් චීන හැකරුන් අත්කර ගනී

චීන ජාතික අනවසර පිවිසෙන්නන් පිරිසක්  විසින් ඇමරිකානු චන්ද්‍රිකා දෙකක පාලනය සදහා සාර්තක පිවිසීමක් කරන්නට සමත්වූ බව තොරතුරු වාර්තා වේ. 2007, 2008 වසරවලදී මෙම අත්හදා බැලීම ඔවුන් විසින් සිදුකර ඇති අතර චන්ද්‍රිකා දෙකෙහිම සම්පූර්න පාලනය අත්පත් කරගන්නට තමනට හැකියාව තිබුනද එසේ නොකරන්නට තීර්නය කල බව ඔවුන් පවසා තිබේ.


ඇමරිකානු නාසා ආයතනය පාලනය යටතේ මෙම චන්ද්‍රිකා පැවතිය බවට තොරතුරු පලවන අතර 2008 ජූනි මස විනාඩි දෙකක් තුලත් ඔක්තෝබර් මස විනාඩි නමයක කාලයකුත් තවත් අවස්ථාවකදී විනාඩි 12ක පමන කාලයක් සදහා තමන් සාර්තකව පිවිසීම් කල බවට ඔවුන් පවසා සිටී. චීන රජය මෙම සිද්ධිය හා කිසිදු සම්බන්දයක් නොමැති බවට පැවසෙන බවටත් එම වාර්ථා පවසයි.
 
Related Posts with Thumbnails