Ads 468x60px

.

ලොකු සීයා පැහැරගැනීම ගැන පිළිබඳව සිල්වා මහතා කලබල වෙයි

පෙරේදා සවස 5.45 ට පමණ ලොකු සීයා රාගම පිහිටි දේවාලයේ කටයුතු නිම කර සිය ජීප් රථයෙන් මහබාගේ කෙරවලපිටිය ප්‍රදේශයේ පිහිටි නිවස වෙත යමින් සිටියේය.
කෙරවලපිටිය වැලිහේන ප්‍රදේශයේදී සන්නද්ධ පිරිස රැගත් වෑන් රථය මාර්ගය අහුරා නතර කර තිබේ. අපද්‍රව්‍ය ඉවත් කරන බවුසරයක්‌ ද යොදාගෙන මාර්ගය අහුරා ඇති සන්නද්ධ පිරිස ලොකු සීයා පැමිණි ජීප් රථය නතර කර ඇත.

පසුව එහි සිටි සන්නද්ධ පුද්ගලයන් ලොකු සීයාගේ කමිසයේ කොලරයෙන් අල්ලා ඇදගෙන ගොස්‌ වෑන් රථයට දමාගෙන තිබේ. එහි සිටි සන්නද්ධ පුද්ගලයන් කීපදෙනකු ලොකු සීයා පැමිණි ජීප් රථය ද පරීක්‍ෂා කර එහි තිබූ පාර්සලයක්‌ ද සොයාගෙන එය ද රැගෙන ගොස්‌ ඇත.මෙම පැහැරගැනීම සඳහා සන්නද්ධ තරුණයන් අට දෙනකු පැමිණ සිටි බව පරීක්‍ෂණවලින් අනාවරණය වී තිබේ. ඔවුන් සියලු දෙනා ටී 56 සහ පිස්‌තෝලවලින් සන්නද්ධව සිටි බව පොලිසිය පවසයි.

පැහැරගැනීම සිදුවන අවස්‌ථාවේ ලොකු සීයා පමණක්‌ ජීප් රථයේ සිට ඇත. මොහු දිනපතාම පාහේ දේවාලයේ සිට නිවස බලා එන්නේ මෙම මාර්ගයෙන් බවද හෙළිවී ඇත.මේ පිළිබඳව හොඳින් අධ්‍යයනය කළ සංවිධානාත්මක පිරිසක්‌ විසින් මෙම පැහැර ගැනීම සිදු කරන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරයි.සැකකටයුතු ජංගම දුරකථන අංක කීපයක්‌ ඔස්‌සේ විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

විවිධ අදෘෂ්‍යමාන බලවේග කරමින් ලොකු සීයා බොහෝ පිරිසක්‌ අතර ප්‍රසිද්ධියට පත්ව සිටියේය. විවිධ දේශපාලනඥයන්, ආරක්‍ෂක අංශ ප්‍රධානීන්, ව්‍යාපාරිකයන් ඇතුළු විශාල පිරිසක්‌ ලොකු සීයාගෙන් විවිධ උපකාර, සෙත්ශාන්ති ලබාගැනීමට පුරුද්දක්‌ ලෙස පැමිණ ඇත.බස්‌නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්‌පති ප්‍රසන්න නානායක්‌කාර මහතාගේ උපදෙස්‌ මත පෑලියගොඩ අපරාධ කොට්‌ඨාශයේ ස්‌ථානාධිපති උපුල් සමරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් පරීක්‍ෂණ පැවැත්වේ.

පැහැර ගන්නා අවස්‌ථාවේ ලොකු සීයා රුපියල් කෝටි තුනහමාරකට අධික වටිනාකමෙන් යුත් රන් ආභරණ පැළඳ සිටි බව පරීක්‍ෂණවලදී හෙළිවී තිබේ. ලොකු සීයා පැළඳ සිටි ආභරණ අතර පවුම් 30 ක අත් පළඳනාවක්‌, පවුම් 30 ක මාලයක්‌, විශාල මුදු 6 ක්‌ සහ තවත් මාල කීපයක්‌ ඇතුළු පවුම් 70 ක බරින් යුත් රන් ආභරණ තිබී ඇත. 

ලොකු සියා විවිධ අදෘෂ්‍යමාන බලවේග භාවිතා කරමින් ප්‍රසිද්ධියට පත්ව සිටි අතර විවිධ දේශපාලනඥයන්, ආරක්‍ෂක අංශ ප්‍රධානීන්, ව්‍යාපාරිකයන් ඇතුළු විශාල පිරිසක්‌ ලොකු සීයාගෙන් සේවා ලබාගත් පිරිස අතර වුහ.ලොකු සියා ඇත විශාල ධනස්කන්ධයක් ගැවසුන අතර ඔහු එම පළාතේ මත්කුඩු වෙළඳාමට සම්බන්ධ ප්‍රධාන චරිතයක් බව ප්‍රදේශවාසින් සහ පොලිසිය හොදින් දනී.

ලොකු සියා අත්අඩංගුවට පත්වීමත් සමග කලබලයට පත්වූ මර්වින් සිල්වා අමාත්‍යවරයා පොලිසියේ උසස් නිලධාරීන්ට කතාකොට කෙසේ හෝ ලොකු සියා සොයා දෙන මෙන් ඉල්ලා ඇත.නමුත් පොලිස් නිලධාරින් ප්‍රකාශකොට ඇත්තේ මේ වනතෙක් ඔහු පිලිබඳ කිසිදු හෝඩුවාවක් නොමැති බවයි.
 
Related Posts with Thumbnails