Ads 468x60px

.

කැකිරාව නොසන්සුන් කළ ඇතාගේ ඇස් දෙකම අන්ධයි


කැකිරාව ප්‍රදේශයේ නොසන්සුන්තාවක් ඇති කරමින් ඊයේ (29) දිනයේ දී දඹුල්ල - කැකිරාව ප්‍රධාන මාර්ගයේ කයිලපතාන ප්‍රදේශයේ හැසුරුනු වන ඇතාගේ  ඇස් දෙකම නොපෙනන බව වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.මෙම ඇතා වාහනවලට පහර දෙමින් මාර්ගය දිගේ ගමන් කිරීම නිසා ඊයේ පෙරවරුවේ නොසන්සුන්කාරී වතාවරණයක් ඇති විය.

එම ඇතාගේ ඇස් දෙකම නොපෙනන බවත් ඇතාගේ සිරුරේ වෙඩි වැදුණු තුවාල දක්නට ලැබුණු බවත් වයඹ කලාප භාර වන ජීවි සහකාර අධ්‍යක්ෂක ඩබ්ලිව් ඒ වේරගම මහතාපවසයි.ගල්ගමුව කහල්ල රක්ෂිත ප්‍රදේශය වාස භූමි කරගත් මෙම දැවැන්තයා හඳුන්වනු ලබන්නේල ගලගමුවේ දළ පූට්ටුවානමිනි.කැකිරාව තිබ්බටුවැව ප්‍රදේශ‍යේ නිවසක් අසලට වී සිටි හස්තියා අතුරු මාර්ගයක් ඔස්සේ කලා වැව ඉස්මත්තට පිටත්වගියේය.
 
Related Posts with Thumbnails