නෙරංජන් විජේරත්නගේ සොහොයුරු හිටපු අමාත්‍ය මනෝ විජේරත්න අභාවප‍්‍රාප්ත වෙයි.
හිටපු ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය මනෝ විජේරත්න මහතා අද (29) සිංගප්පූරුවේදී අභාවප‍්‍රාප්ත වී තිබෙනවා. මියයන විට 54 වන වියේ පසුවු මනෝ විජේරත්න මහතා දැදිගම ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ සංවිධායක ධුරයද හොබවනු ලැබුවා. එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලනයට පිවිසි ඔහු වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙසද කටයුතු කළා. මීට අමතරව ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ධුරයද හොබවූ බවයි ඔහුගේ සොහොයුරා වන නෙරංජන් විජේරත්න සඳහන් කළේ.